දිනූෂිකාගේ Face Book කතාව



පසුගිය සති දෙක අවසන් වනවිට එකපිට එක අසන්නට ලැබුණු, බොහෝ දෙනකුගේ හද කම්පා කළ සියදිවි හානි කර ගැනීම් දෙකකි. ඒ මරණ දෙකටම හේතුවී තිබුණේa ෆේස්‌බුක්‌ ( Face Book ) නැතිනම් මුහුණු පොතය. මුහුණු පොත සම්බන්ධයෙන් අසන්නට ලැබෙන කතා සියල්ල ඉතා රසවත් යෑයි බොහෝ දෙනෙක්‌ සිතුවද, තත්ත්වය උඩු යටිකුරු කිරීමට තරම් නොහොබිනා කතා බහ ඒ තුළ සැඟව තිබේ. එය අපේ රටට පමණක්‌ පොදු වූවක්‌ නොවේ. එහෙත් අපේ රටේ සිදුවෙමින් පවතිනා දේ ගැන යම් ඉඟියක්‌ පළ කිරීමට ආසන්නතම කතා දෙකක්‌ ලෙස "වෙනුෂා" ගේ හා "දිනූෂා" (දිනූෂිකා) ගේ ෙ€දවාචකයන්a පෙන්වා දිය හැකිය.



වෙනුෂාගේ කතාව



වෙනුෂා, ඉගෙනුම ලැබුවේ කුරුණෑගල ජනප්‍රිය පාසලකය. 11 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි වෙනුෂා ද වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් සේම ෆේස්‌බුක්‌ සමාජ ජාලය සමග ගනුදෙනු කළ සිසුවියකි. ඇය කොතරම් දුරට ෆේස්‌ බුක්‌ පරිහරණය කළා දැයි වාර්තා වන්නේ නැති නමුදු ඇයට ලැප්ටොප්a පරිගණකයක්‌ මිලදී ගෙන දීම සම්බන්ධයෙන් ඇයගේ මව පියාට දොaෂාරෝපණය කළ බවක්‌ පුවත්පත් වාර්තාවල සඳහන්ව තිබිණි. කෙසේ හෝ වෙනුෂාගේ සිය දිවි නසා ගැනීමට හේතුව වී තිබුණේ, ඇය උගත් පාසලේ විදුහල්පතිවරයා අපහාසාත්මක ලෙස ඇයට බැණ වැදීම නිසා බව කියෑවිණි. ඊට හේතුව වී තිබුණේ ෆේස්‌බුක්‌ වෙබ් අඩවියේ වෙනුෂාගේ ඡායාරූප කිහිපයක්‌ පළවී තිබීමය. එම ඡායාරූපවල වෙනුෂා පාසල් නිල ලාංඡනය සමගින් පාසල් නිල ඇඳුමින් සැරසී ගත් ඡායාරූප කිහිපයක්‌ ද තිබීම විදුහල්පතිවරයා ඇයට දොaෂාරෝපණය කිරීමට හේතු වූවා යෑයි කියති. කෙසේ හෝ මේ සිදුවීම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම දක්‌වා දුර දිග ගිය එකක්‌ බවට පත් විය.



දිනූෂිකාගේ කතාව



දිනූෂිකා ද දැඩි ලෙස ෆේස්‌බුක්‌ සමාජ ජාලය සමග ගනුදෙනු කළ සිසුවියකි. ඇය ෆේස්‌බුක්‌ වෙබ් අඩවියට පිවිසෙන්නේ සිය ජංගම දුරකථනය උපයෝගී කරගෙනය. දිනූෂා ෆේස්‌බුක්‌ හි තමා නමින් ඇති ගිණුමේ ඇයගේ සැබෑ ඡායාරූපය වෙනුවට යොදා ඇත්තේ වෙනත් සුරූපී තරුණියකගේ ඡායරූපයකි. මේ හේතුව නිසාම ඇය සමග බොහෝ "මිතුරන්" පිරිසක්‌ ගනුදෙනුකර ඇති බව කියති. ඒ අතරින් උසස්‌ රැකියාවක නිරත තරුණයකු ඇය සමග දැඩි සබඳතාවක්‌ ගොඩනගා ගන්නේ ෆේස්‌බුක්‌ හරහා "චැට්‌" කිරීමෙන් නොනැවතී ජංගම දුරකථනයට ඇමතුම් පවා ලබා දෙමිනි. ඇයගේ මව සඳහන් කරන්නේ මෙවැන්නකි.



"අපි කවදාවත් හිතුවේ නෑ දුව මේ වගේ දෙයක්‌ කරගනීවි කියලා. හැම තිස්‌සේම හෑන්ඩ්ෙµdaන් එකෙන් කතා කළාට ඒ ලෙවල් විභාගයට ඉගෙන ගන්න බොහොම ආසාවෙන් හිටියේ......."



මෙම දුරකථන ඇමතුම් කතා බහ කලක්‌ තිස්‌සේ කෙරෙනවිට ඇයගේ සිත්ගත් තරුණයාට දිනූෂා දැක ගැනීමේ වුවමනාවක්‌ ඇති විය. සිය මවුපියන්ට ද ඒ බව පවසන ඔහු දිනූෂාගේ නිවස කරා ගියේ ෆේස්‌බුක්‌ සමාජ ජාලයේ අඩංගුව තිබූ දිනූෂාගේ ගිණුමෙහි ඡායාරූපයේ හුන් තරුණිය ගැන සිහින මවමිනි. එහෙත් දිනූෂා දැකීමත් සමගම ඔහු දැඩි කම්පනයකට පත්වූයේය. ඔහුගේ අපේක්‍ෂා බිඳවැටිණි. මේ හේතුවෙන්ම ඒ තරුණයා ඇතුළු ඔහුගේ මව හා පියා දිනූෂාටත් ඇයගේ පවුලේ උදවියටත් දොස්‌ පවරන්නට වූයේ තමන් රැවටීමට ලක්‌ කළේ යෑයි කියමිනි. දිනූෂා වහා සිය කාමරයට වැදී සිය දිවි නසා ගත්තේ මේ සිදුවීම් මාලාව නිසා ඇය තුළ හටගත් අපේක්‍ෂා භංගත්වය හා කම්පනය නිසාය.



මේ කතා දෙකම අපට කියන්නේ නිසි ලෙස භාවිත කළ යුතු දෙයක්‌ අනිසි ලෙස භාවිත කිරීමේ ඵල විපාකය. නොඑසේ නම් ෆේස්‌බුක්‌ පිළිබඳව අසන්නට ලැබෙන නරකම දේ වැඩිවී ඇති බවය. මීට පෙර ඇමරිකානු තරුණියක ෆේස්‌බුක්‌ වෙබ් අඩවියේ තමන්ගේම ගිණුමේ ගොනු කර තිබූ තමාගේම නිරුවත් ඡායාරූප කිහිපයක්‌ ෆේස්‌බුක්‌ සමාජ ජාලයේ බොහෝ පිරිසක්‌ අතරට යැමත්. ඉන් අනතුරුව ඇයට එල්ලවූ විවිධ අවලාදයන් නිසාත් දිවි නසා ගත්තාය.



එහිදී ඇය ඇඟ පත පෙන්වන්නියකගේ තත්ත්වයටම පත් කර තිබූ බවද කියෑවේ. දකුණු ඉන්දියාවෙන් ද එවැනි සිදුවීමක්‌ වාර්තා විණි. 17 හැවිරිදි වියෙහි පසු වූ අයිශ්චර්යා දානිවාල් සිය දිවි තොර කරගන්නේ දවසේ දිගු වේලාවක්‌ ෆේස්‌බුක්‌ සමග ගනුදෙනු කිරීම ගැන මවුපියන් දොස්‌ පැවරීම හේතුවෙනි. බොහෝ විට සිදුවන්නේ ෆේස්‌බුක්‌ ගිණුමකට ඇතුළු වී තරුණියන්ගේ ඡායාරූප රැගෙන ඒවා නැවත අසභ්‍ය ඡායාරූප ලෙස සකස්‌කර හොර ගිණුම් (ෙaනැ Aජජදමබඑ) සෑදීමය. බොහෝ විට මෙවැනි සිදුවීම් හේතුවෙන් සියදිවි නැති කරගත් තරුණියන් ද බොහෝය. එපමණක්‌ නොව ෆේස්‌බුක්‌ හරහා අනියම් පෙම් සබඳතා ගොඩනගා ගැනීමත්a සුලභව දකින්නට අසන්නට ලැබෙන්නේය. පසුගිය කාල වකවානුවේ එවැනි සිදුවීම් කිහිපයක්‌ද මෙරට පුවත්පත්වල පළවී තිබිණි.



මිතුරන් සොයා ගැනීමේ මේ පෙරළිය ෆේස්‌බුක්‌ නිර්මාතෘ මාර්ක්‌ සුකර්බර්ග් ආරම්භ කිරීමට පෙරාතුව ඒ තැන ලැබී තිබුණේ "පෑනේ මිතුරු හවුල්" වලටය. ෆේස්‌බුක්‌ තරම් විශාල තොරතුරු සන්නිවේදන හුවමාරු ක්‍රමයක්‌ නොවුණ ද, එය ද ලොව පුරා විශාල වශයෙන් ව්‍යාප්තව තිබිණි. එහෙත් කිසි විටෙකත් එමගින්a, මෙවැනි "අන්තරාකාරී" තත්ත්වයන් මතු කළේ නැත. 



විශේෂත්වය වන්නේ ෆේස්‌බුක්‌ අවදානමට වඩාත්ම ගොදුරු වන්නේ ගැටවර වියෙහි පසුවන්නන් වීමය. වියමනකින් (CHAඔ කිරීමකින්) නොනැවතී බොහෝ දේ බෙදාහදා ගන්නට රසවිඳින්නට ෆේස්‌බුක්‌ තුළ ඇති විශාල ඉඩකඩ බොහෝ දෙනෙක්‌ ඊට ඇබ්බැහියක්‌ බවට පත් කරන්නට සමත්වී තිබේ. ෆේස්‌බුක්‌ ආරම්භ කිරීමෙන් පසු අවුරුදු දහයක්‌ ගත වන තැන එහි සාමාජිකයන් ගණන බිලියන 1.3 ක්‌ දක්‌වා ඉහළ ගියේය. එමෙන්ම විශාල පිරිසක්‌ දිනපතා ෆේස්‌බුක්‌ සමාජ ජාලයට පිවිසෙති. ඉන් හරි අඩක්‌ම ෆේස්‌බුක්‌ පරිහරණය කිරීමේ සාමාන්‍ය කාලය මිනිත්තු 18 ක්‌ වන බව ද කියෑවේ. මේ වනවිට ෆේස්‌බුක්‌ හි ඇති ගිණුම් (ඡරදසෙකැ) බොහොමයක්‌ හොර ගිණුම්ය. (Faනැ Aජජදමබඑ) ය. ඉනිදු බොහොමයක්‌ (සැබෑ ගිණුම් ද ඇතුළුව) ලිංගික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ම පමණක්‌ වැඩි වශයෙන් භාවිත වේ. අධ්‍යාපනය හා තොරතුරු දැන ගැනීම, විවිධ දේ සඳහා සහාය ලබාගැනීම වෙනුවෙන් විධිමත් ලෙස ෆේස්‌බුක්‌ යොදා ගත හැකි වුවද, වර්තමානයේ ෆේස්‌බුක්‌ තුළ ඒ සඳහා යොමුව ඇත්තේ ඉතා සුළු පිරිසකි.



නව තාක්‍ෂණයටත් අධිවේගී ජීවන රටාවටත් හුරුවන මිනිසා නිතැතින්ම හුදකලා වීම සාමාන්‍යය. ඔවුන් නව තාක්‍ෂණය යොදා ගන්නේ මේ අඩුපාඩුව අකා මකා ගැනීමටය. ලොව පුරා (ඪසරඑම්ක ඤපපමබසඑහ) ගොඩනැගෙන්නේ මේ හේතුවෙනි. 



මුල් යුගයේ පෑනේ මිතුරු හවුල් මගින් මිතුරන් තෝරා බේරා ගනිමින් ඇසුරු කිරීමේ ඉඩකඩ ද ෆේස්‌බුක්‌ තුළ අවමය. එනම් නිසි ලෙස මිත්‍රත්වය තහවුරු කර ගැනීම හෝ අවබෝධ කර ගැනීම ඒ තුළ හීනව ඇත. අන්තර්ජාලයේම දැක්‌වෙන පරිදි මේ තත්ත්වය විග්‍රහ කර ඇත්තේ (Fරසබැdsයසච ඡ්ර්dදං) ලෙසිනි. මේ හේතුව නිසාම එකිනෙකා පරයමින් මිතුරන් වර්ධනය කර ගැනීමේ වුවමනාවක්‌ ෆේස්‌ බුක්‌ ගිණුම් හිමියන් තුළ දකින්නට ඇති බව කියෑවේ. කෙසේ හෝ මේ තත්ත්වය අවබෝධ කර ගන්නවා විනා ෆේස්‌ බුක්‌ ලෝලියකු වීම එතරම් සුදුසු නොවන බව අපට පෙරකී සිදුවීම් පෙන්වා දෙයි. ජංගම දුරකථනය, පරිගණකය මේ වනවිට වර්තමාන සමාජයේ අත්‍යවශ්‍ය මෙවලම් බවට පත්වී හමාරය. එය යකෙක්‌, රකුසෙක්‌ ලෙස අර්ථ ගැන්වීම තත්ත්වය අවබෝධ කර නොගැනීමකි. ෙ€දවාචකයන්ගෙන් අවසන් වන තරුණ ජීවිත රැකගත හැක්‌කේ මේ මෙවලම් භාවිතය නරකට නොව හොඳට යොදාගත හැකි අයුරු වටහා දීමෙන් පමණය. තහනම ඊට පිළියම නොවේ. 



ශිරෝමි මාපා


Post a Comment

0 Comments