දුටුගැමුණු නියමයෙන් වසර 2243 ක්‌ පුද සත්කාර ලබන ලොව එකම දෙවොල කතරගම


කතරගම මහා දේවාලය ඉදිකර දෙවියන්ට පූජා කළ දුටු ගැමුණු මහා රජතුමා ඉරහ`ද පවතිනා තුරා ක`ද සුරිදුන්ට පුද පූජාවන් පැවැත්වීම පිණිස රාජකාරිකරුවන් 555 කු පත් කළ බව ජනප්‍රවාදයේ කියවේ. මෙම රාජකාරි පුද්ගලයින්ගේ පැවැත්ම සඳහා ගොඩමඩ ඉඩකඩම් ලබා දුන් දුටු ගැමුණු මහා රජතුමා දේවාලයේ පැවැත්ම සදහා ඉඩ කඩම් බදු දීමටත් එම ආදායමෙන් දේවාලයේ පෙරහැර මංගල්‍යයන් සිදු කර දේවාලයේ පැවැත්මට අවශ්‍ය වියදම් පියවා ගැනීමට ක්‍රියා කරන ලෙස රජතුමා නියෝගයක්‌ද පනවනු ලැබීය.

එදා සිට අදත් වසර 2243 ක්‌ පුරා කතරගම මහා දේවාලයේ පුද පූජා පවත්වා රටට ජාතියට රට වැසි ජනයාට දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කරනු ලබයි.

රුහුණු කතරගම මහා දේවාලයේ සිදු කරනු ලබන චාරිත්‍ර අතර සියලු චාරිත්‍ර සිදු කරනු ලබන්නේ පිරිමි පුද්ගලයින් වන අතර මෙම පිරිසට අමතරව ක`ද කුමරුන්ගෙන් වරම් ගෙන සෑම පූජාවකටම දෙවියන්ට දීර්ඝා ආයුෂ වඩන තවත් ස්‌ත්‍රී පාර්ශ්වයේ 12 දෙනකු ද සිටිති.

මෙම පිරිස ආලත්ති අම්මලා ලෙස හ`දුන්වන අතර මෙම පිරිස 12 කුගෙන් සැදුම්ලත් පිරිසක්‌ වේ. ආදිවාසීන්ගේ පෙනුමට සමාන ඇ`දුමින් සැරසෙන මෙම පිරිස දේවාලයේ පැවැත්වෙන උදෑසන 4 පූජාවටත් සවස 6 ට පැවැත්වෙන පූජාවටත් එක්‌වෙන අතර සතියකට වරක්‌ සෙනසුරාදා නානමුර මංගල්‍යයට ද මෙම ආලාත්ති අම්මලා එක්‌ව පූජාවට සහාභාගිවේ.

දෙවියන්ගේ පූජාව පැවැත්වෙන අවස්‌ථාවේ දීs ප්‍රථමයෙන් මෙම ආලත්ති පූජාව පැවැත්වෙන අතර දෙවියන් ගේ තිරය අසළ සිටින කපු මහතා විසින් මෙම ආලත්ති අම්මාලට පහන් තිරයක්‌ ලබාදීම සිදු කරති. එම පහන් තිරය දල්වා ගන්නා ආලත්ති අම්මලා පහනත් රැගෙන දේවාලය පිටු පස ඇති දේව මාලිගයේ පිටුපස වට්‌ඨාරම නම් ස්‌ථානයට පැමිණ දෙවියන්ට ආශීර්වාද කවි කියමින් දැල් වූ පහන් කරකවමින් නළලට අත තියා දෙවියන් ට දීර්ඝ ආයුෂ ලැබේවා යෑයි ප්‍රාර්ථනා කරති.

පසුව නැවත මෙම ආලත්ති අම්මලා දේවාලයට පැමිණ දේව තීරය අභියස සිටින කපු මහතා ඉදිරියේ නැවත පහන් කරකවා දෙවියන්ට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කර ආලත්ති අම්මලා නික්‌ම යනු ලබයි.

මෙම රාජකාරිය දේව කාරියක්‌ ලෙස සිදු කිරීමට ආලත්ති අම්මලා 12 දෙනකු පත් කර ඇති අතර මේ ස`දහා දේවාලයෙන් වසරකට වරක්‌ ලබා දෙන රාජකාරි වැටුප වන රුපියල් දෙකයි (2) ශත 80 වැටුපද ලබා ගන්නා මෙම ආලත්ති අම්මලාට සිය රාජකාරි ඉටු කිරීම වෙනුවෙන් වී සහල් ද ලබා දෙන අතර මෙම ආලත්ති අම්මලාගේ ප්‍රධාන අම්මා වන වන්නි ආරච්චි ගේ ටී මාවති මාතාව පැවසුවේ. අපි මේ රාජකාරිය ඉතාම පිරිසිදුව සිදුකරනවා. කතරගම දෙවියන්ට සිදු කරනු ලබන සෑම මංගල්‍යයක දීමත් කප් සිටුවීමේ මංගල්‍යයට. ඇසළ පෙරහැරට. දියකැපිsSමේ මංගල්‍යයට. ඉල්මහා පෙරහැරට. අවුරුදු මංගල්‍යයට යන ප්‍රධාන අවස්‌ථාවන්ට අමතරව සෑම දිනකම දෙවියන් ගේ පූජාවට අපි එක්‌වෙනවා මෙයින් අපි කරන්නේ දෙවියන්ට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කිරීමයි. අතීතයේ රජතුමාටද මේ වැනි අයුරින් කිරි අම්මලාවරුන් පැමිණ දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කළා. එම කාර්ය දෙවියන්ටත් සිදු කිරිමට දුටු ගැමුණු මහා රජතුමා රජු අණ කළා. එය තමයි අදත් අපි මේ කරන්නේ. යනුවෙන් ආලත්ති අම්මලාගේ ප්‍රධාන නායිකාව වන වන්නිආරච්චිගේ ටී. මාවති මාතාව පැවැසීය.

මේ සම්බන්ධව අදහස්‌ දැක්‌ වූ කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුදුරන්දර සොමිපාල ටී රත්නායක මහතා පැවසුවේ අතීතයේ දී කතරගම දෙවියන් වල්ලි දෙවඟන හා විවාහ වු අවස්‌ථාවේ දී වල්ලි දෙව`ගන කුඩා කල සිට හදා වඩාගත් වැදි ජනයා හඬා වැටෙමින් කතරගම දෙවියන් ගෙන් ඉල්ලා සිටියේ තම වරිගයටත් දෙවියන්ට සිදු කිරීමට කුමන හෝ රාජකාරියක්‌ ලබා දෙන ලෙසයි. ඒ අනුව මෙම පිරිසට දේවාලයේ පැවැත්වෙන පූජාවන්ට සහාභාගි වී දෙවියන්ට ආශිර්වාදය කරන්න අවසරය ලබා දුන්නා. ඒ අනුව මෙම ආලත්ති අම්මලා දේවාලට ඇති කළ දා පටන් මෙම රාජකාරිය ඉටුකරනවා යෑයි සොමීපාල ටී රත්නායක කපු මහතා පවසයි.

මෙම ආලත්ති පූජාව සඳහා කැපව සිටින මව්වරුන් මැදිවිය ගත කරනු ලබන අය වන අතර සෑම සතියකටම වරක්‌ දේවාලයේ සිදු කරනු ලබන බෝධියේ නාන මුර මංගල්‍යය සඳහා මැණික්‌ ගෙ`ගන් පැන් රැගෙන එම මෙම ආලත්ති අම්මලාට ඇති රාජකාරියක්‌ වන අතර සෑම වසරකටම වරක්‌ බුත්තල දෙවියන්ගේ වෙළෙන් රැගෙන එනු ලබන වී සහල් කර දේව දානයට ලබාදීම මෙම ආලත්ති අම්මලා විසින් සිදු කළ යුතු තවත් කාර්යයකි. කතරගම දේවාලයේ පැවැත්වෙන පෙරහැර මංගල්‍යයන් තුළ දී දෙවියන් වැඩම වන හස්‌ති රාජයා අභියස ඉදිරියෙන් ගමන් ගන්නා මෙමආලත්ති අම්මා ගේ පූජාව අදටත් දැකිය හැක්‌කේ කතරගම පුද බිමේදි පමණි. 

අම්මාගෙන් දුවට යන මෙම නිළ රාජකාරිය ආලත්ති අම්මලා සිදු කරන අතර මාසයකට දෙදෙනා බැගින් බෙදී මෙම පූජාව සිදු කිරිමට කටයුතු කරති. 

මෙම ගෞරවාන්ත වු පුද සත්කාරය කරනු ලබන මෙම ආලත්ති අම්මලා වෙනුවෙන් දේවාලයේ කුඹුරු වල වී අස්‌වැන්නෙන් කොටසක්‌ සෑම මංගල්‍යයක දීම ලබා දෙන බව කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.

කතරගම - කේ. ඩී. දේවප්‍රිය

Post a Comment

0 Comments