1815 මාර්තු මස 02 වෙනි දින සිංහල රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින්,අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්ව කරුවන් වු සියලු දෙනාම සිංහලයෝ විය.රටේ පාලනාධිකාරියට නීත්‍යානුකූලව හිමිකම් තිබු වෙනත් කිසිදු ජන වර්ගයක් එවකට නොතිබු බව එය ප්‍රබල සාක්ෂියකි. සුද්දන් කැස කවා අල්ලා ගත්තේ සිංහල බෞද්ධ රටක් වු සිංහලේය.උඩරට ගිවිසුමෙන් පවරා දෙනු ලැබූයේ සිංහලේ රටය.මේ සිංහලේ ඇත්තටම නිදහස ලැබුවේ නම් එය නැවතත් “සිංහලේ” විය යුතුව තිබින. නමුත් සිදුවුයේ කුමක්ද??? ඩී.එස් සේනානායකලා,ඔලිවර් ගුනතිලකලා,සර් ජෝන්ලා හා ක්‍රිස්තියානි එඩ්මන් වික්‍රමසිංහලා වැනි කලු සුද්දන් සදහා ක්‍රිස්තියානි රාජ්‍යයක් තනා ගැනීමය.එසේ කලේ වංශේ කබල් ගාමින් බොරුවට බෞද්ධ සිංදුවක්ද ගායනා කරමින්ය.එදා සුලුවෙන් තැබු පියවරේ උත්සහය අද ටිකෙන් ටික ඔවුන් මල්ඵල ගන්නවමින් ඇත..සිංහල බෞද්ධයාට මේ අය සලකන්නේ,පිරිමි හිත හොද ගෑනුන්ට සලකන ආකාරයටම බව හොදටම පසක් වුනේ…සෝම හාමුදුරුවන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් හා හසලක විරුවන්ගේ ලේ වලින් රජ උන මැදමුලනේ රජු..බෞද්ධයින් තඹ දොයිතුවකට මායිම් නොකරමින්,අරාබි කරයෙයි වතිකානුවෙයි වට වන්දනාවේ යෑම හරහාය.
එයටම සරිලන පරිද්දෙන්..රට සාර්වාගමික කොට..ජාතික ගීය විවිධ භාෂාවන්ගෙන් ගැයිම දක්වාත්..රාජ්‍යය බලය කේවල් කිරිමේ සිට රට එක එකාට රිසිසේ බඩ පිනුම් ගසන ගොදුරු බිමක් දක්වාත් අද කරලියට ගෙනවිත් ඇත. සූක්ෂමව හෙළ ඉතිහාසය අකා මකා දමමින් පෙලපොත් තුලිනුත් අතුගා දමා තව දුරටත්..තේවත්ත බැසිලිකාව කිතුනුවනුත් අනුරාධපුර යුගය දක්වා නිර්ලජ්ජිතව විකාශනය කරමින් හිමිකම කියා සිටී. දැන් මේ අප ඉදිරියේ දිස් වන්නේ සිංහලේ මකා දැමු 60 අවුරුදු ශාපයේත්..ඔවුනගේ සිහින රජ කරවා ගන්නට තනාගත් ශ්‍රිලංකා රාජ්‍යයේ කූඨ ප්රාප්තියේ ගමන් මග නොවෙද?? මේ සිංදුව රටට හරියාකාරයෙන් එලිකර දුන්නේ බොදුබල සේනාව බැවින්…1948න් පසුවත් ජේ.ආර් ගේ බහුබූත බලු ක්‍රමය යටතේත් පුදුම අන්දමට හොද්ද බොර කරගත් නොයෙක් මාදිලියේ ගෝස්තරවාදින්..බොදුබලයේ හිස ඉල්ලීමට තරම් දත කට නියවමින් සිටින්නේ එම නිසාය. සෝම හිමි ඝාතනයෙන් මුලිනුපුටා දැමීමට නොහැකි වු සඝ බලය..බොදුබල සේනාව සිර කිරීමෙන් සිදුකල නොහැක්කක් බව..මුදලට කහිමින් තොංගලේ කපාගත් තුච්ච මාධ්‍ය සංස්කෘතියත්..හද මෝරන විට හු හඩ තලන කපටි නරි රැලත් වහා වටහාගත යුතුව ඇත. මන්ද…”සිංහලේ” ආපසු හැරවීමේ ඓතිහාසික වගකීමට බොදුබල සේනාව දෘඩත්වයෙන් අතගසා ඇති බැවිනි. නුදුරේදි උලලේනුන් කෙදිරිගානු ඇත..කම් නැත..අප අවධියෙන්…
රජයේ සංස්ථා, මණ්ඩල, අධිකාරි වල තිබෙන සිලෝන් (ceylon) හෝ ලංකා (lanka) යන නම් වෙනුවට ශ්‍රී ලංකා යන නම යෙදීමට රජය තීරණය කලේය. මෙය අපට යම් ආකාරයක සැක සහගත දෙයකි. පළමුව කිවහොත් ලංකා යන්නේ කිසිදු තේරුමක් නැති නිසා එය වෙනස් කළාට කමක් නැත. නමුත් සිලෝන් යන්න සිංහලයින්ගේ ඉතිහාසය හා බද්ධ වී ඇති පදයකි.
අතීතයේදී අප රටට කියන ලද්දේ “සිංහල දේශය” යන්නයි. එය සුද්දා ඉංග්‍රීසියට පරිවර්තනය කර කීවේ “Sinhala Land” ලෙසය. පසුව එය සුද්දාගේ උච්චාරණයේ පහසුව තකා “ceylan” ලෙස කෙටි වී ඇත. එය තව දුරටත් කෙටි වී “ceylon” ලෙස නම් වී ඇත. (වැඩිදුර කියවීම සඳහා Ceylon and related names)
Ceylon යන නම “සිංහල දේශය” යන වචනයෙන් බිඳී ආ එකක් නිසා “ශ්‍රී ලංකා” යන ඕපපාතික නමට වඩා සිංහල කමක් එහි අන්තර්ගතය. “Ceylon” නැවතත් “Sinhale” නොකර “Sri Lanka” කිරීම නිසා සිදුවූ හානිය දැන් කෙසේ නිවැරදි කරන්නද”
ඊට අමතරව වැදගත්ම දේනම් විදෙශිකයින් “Sri Lanka” යන පදයට වඩා “Ceylon” යන පදය හොඳාකාරම දැන සිටීමයි. මෙමගින් අපට අහිමි වන්නේ විදේශ විනිමය නේද? “Air Lanka” යන්න “Sri Lankan Airline” ලෙස වෙනස් කිරීමෙන් වූ හානිය තාමත් අපට අමතක නැත. “Ceylon” යනු අපගේ වෙලඳ ලකුණකි. “Ceylon Tea” ලෙස මිස “Sri Lanka Tea” ලෙස දන්නේ කවරෙක්ද?
දැන් අපට පෙනෙන්නේ සිලෝන් යන වචනය සිංහලයාට මේ භූමියට ඇති ඉතිහාසගත අයිතිය හා බද්ධ වී ඇති පදයක් බවය. ඉතින් මේ ඉතිහාසගත උරුමය සිංහලයාගෙන් උදුරාගන්න්ට අවශ්‍ය වී ඇත්තේ කාටද? රජය හා සමීප වී ඇති ක්‍රිස්තියානි මුස්ලීම් හා දමිළ අන්තවාදීන් ගැන සැක පහළ වෙන්නේ මේ අවස්ථාවේදීය.
මෙහිදී රජය ඉදිරිපත් කරන තර්කයනම් යන සුද්දා භාවිතා කළ “ceylon” වචනයට වඩා අපේම “ශ්‍රී ලංකා” යන වචනය වඩාත් සුදුසුය යන්නයි. එකම රටක්, එකම කොඩියක් ,එකම නමක් යැයිද කියයි. ඒත් කෝ එකම භෂාවක්? තව දුරටත් ගියොත් එකම ආගමක්? එසේනම් ඔය එකම නමක් පසු පස්සේ යා යුතු නැත. සිංහල ඉතිහාසයට ආදරය කරන්නේනම් කළ යුත්තේ ඕපපාතික “ශ්‍රී ලංකා” වචනය “සිංහලේ” හෝ “සිංහල දේශය” ලෙස වෙනස් කිරීමයි.
එසේම මෙලෙස අපගේ සිංහල ඉතිහාසය අකා මකා දමන මුග්ධ දේශපාලඥයින් තාමත් අපගේ ජාතික ගීතය සිංහලෙන් පමණක් ගායනා කළ යුතුය යන යෝජනාව සම්මත කර නැත. ඉතින් අපේ රටට එකම නමක් අවශ්‍යනම් එකම ජාතික ගීතයක් අවශ්‍ය බව මේ උදවියට තේරෙන්නේ නැද්ද??
මහින්ද රාජපක්ෂ ජනපති තුමාට සිංහලයින් අතර ඉමහත් ගෞරවයක් තිබේ. එතුමාව සෑම විටම බලයට ගෙන එන්නේ සිංහලයින්ය. නමුත් දැන් එතුමා යන්නේ වෙන ගමනකි. ඒ ගැන එතුමාව බලයට පත් කල සිංහල දේශප්‍රේමීන් සහ ජාති හිත්යෛශීන් ඉතාමත් සැළකිළිමත් විය යුතුය. නො එසේනම් එතුමාට 2016 දී ගෙදර යන්නට වනු ඇත. ඉන් පසුව එජාප ආණ්ඩුවක් ආ විට ජාතියට දෙවියන්ගේම පිහිටය.
1815 මාර්තු මසදී එතෙක් සිංහලේ නම්වූ රාජ්ය්ය එක්සත් රාජධානියේ කොටසක් බවට පත්කරගන්නා ලදී.
යටත් විජිතයේ එකම නිල බස ඉංග්‍රීසි වූ අතර රටේ නිල නාමය “බ්‍රිට්ශ් සිලෝන්” නම්විය.
සිලෝන් යන්න සිංහලේ යන වදන ඉංග්‍රීස් උරුවට යොදාගනුලැබූවක් විය.
1948දී බ්‍රිට්ශ් සිලෝන් යටත්විජිතය එක්සත් රාජධානියෙන් පූර්ණ නිදහස ලබා ස්වෛරීය රාජ්‍යයක් බවට පත්විය.
එනමුත් රාජ්‍යයේ එකම නිල බස තවදුරටත් ඉංග්‍රීසි පමනක්ම වූ අතර රටේ නිල නාමය “සිලෝන්” නම්විය. නිල නොවන ලෙස ලංකා වදන සිංහලයන් අතර භාවිතා වන්නට විය. මෙම තත්වය 1956 දක්වා පැවති අතර 1956 දී පනතක් මගින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වූ අතර රටේ නිල නාමය ලංකා බවට පත්විය. එනමුත් ඉංග්‍රීසි බස කථාකරන්නන් දිගටම සිලෝන් වදන භාවිතා කරන ලදී.
1972 දී ජනරජ ව්‍යවස්ථාවෙන් රටෙහි නම ශ්‍රී ලංකා ලෙස වෙනස්කරන ලදී..
මෙත්තා..කරුණා..මුදිතා..උපේක්ෂා බෞද්ධයිගේ සිර කුටියක යකඩ කූරුද???