උද්යෝගිමත් අයෙකු ලෙස හැසිරෙන්න.


සාර්ථකත්වය කරා ළගා වීමට අවශ්ය ප්රධානම සාධකය වන්නේ උද්යෝගිමත් සිතිවිලිය. උද්යෝගිමත් කතාව හා උද්යෝගිමත් හැසිරීම් ය. උද්යෝගිමත් මානසිකත්වයක් ඇති කල්හි එමගින් ආත්ම විශ්වාසය ගොඩ නැගේ. එසේම උද්යෝගිමත් බව බෝවෙන සුළුය. උද්යොගිමත් ගුරුවරයා පංති කාමරයට ඇතුල් වන විටම සිසුන් තුළ උද්යෝගය ජනනය වේ.ක්රීඩා කණ්ඩායමක උද්යෝගිමත් නායකයෙකුට, උපනායකයෙකුට පමණක් නොව ක්රීඩයකුට වූවද මුළු කණ්ඩායමේ ම ජවය ඉහළ නැංවිය හැක.


උද්යෝගිමත් නරඹන්නන් සිටින පාපන්දු පිටියක, මලල ක්රීඩා තරගයක උද්යොගය, ක්රීඩා කරන්නන්ගේ ජවය හා බලය ඉහළ නැංවීමට උදවු වේ. යමෙකු කතා කරන අයුරින් , හිස ඔසොවා බලන අයුරින් , අතට අත දී අචාර කරන අයුරින් උද්යෝගය ජනනය කළ හැකිය. මෙය කවර අයෙකුට වූවත් පුහුණුවිය හැකි ළගා කරගත් හැකි, අභ්යාස කළ හැකි, ජීවිත සාර්ථකත්වයට බෙහෙවින්ම උපකාර කර ගත් හැකි ශක්තියකි.



පෝඩ් ව්යාපාර ක්ෂේත්රය හා සම්බන්ධ වානේ කර්මාන්ත ශාලා පද්ධතියේ වැඩිම වැටුප් ලැබු නිලධාරියා වුයේ චාල්ස් ස්වොබ්ය.ඔහු වානේ කර්මාන්ත ශාලාවල සේවය කළ ද ඔහු වානේ ගැන කිසිවක් දැන සිටි අයකු නොවේ. ඔහුට ඉහළම වැටුප ගෙවීමට හේතුව කුමක්ද යැයි ඇසු විට ඔහු කීවේ, තමා වානේ ගැන නොදැන සිටියත්, වානේ කර්මාන්ත ශාලාවේ යන්ත්ර සුත්ර ක්රියාත්මක කරන මිනිසුන් ගැන හොදින් දන්නා බවයි.මිනිසුන් සතු උපරිම ශ්ක්තිය මතු කර ගත හැක්කේ, ඔවුන් අගය කිරීමත්, උද්යෝගිමත් කිරීමත් මගින් බවත් ය.



ඔබ ජීවත් වන කාලයේ පණ ඇති, ජව ඇති, බල ඇති ජීවියකු වන්න. ජීවත් වන අතර තුර මළ මිනියක ලෙස ජිවත්වීම සොබා දහමට පිටුපා යාමකි.සාමාන්ය දක්ෂතා ඇති අයකු වූවද විශිෂ්ටයකු බවට පත්කරලීමට හැකියාව ලැබුනුයේ උද්යෝගිමත් බව එන්නත් කිරීමෙනී.උෂ්ණත්වය එක අංශයක් වැඩි වූ කල්හි ජලය වාෂ්ප බවට පත්වේ.එම වාෂ්ප බලයෙන් දැවැන්ත යන්ත්ර සුත්ර ක්රියා කරවිය හැකි ය. උද්යෝග්යද අප තුළ ම ඇති, එහෙත් ලං කරගත යුතු ශක්තියකි. බලයකි. ධනාත්මක පෞරුෂයක් ඇති පුද්ගලයා උද්යෝගිමත් බවින් යුතු අයෙකි.



ඇතුලත උණුසුම් වුන, රත් වුන යමහලක් වැනිය. ඇතුලත උද්යෝග්ය බැහැරට නිකුත් වනුයේ අන් අයට ද දැනෙන පිරිදි ය. ඔබත් යමහලක් වන්න. දැවෙන උද්යොග්යෙන් යුතු වන්න . එවිට ඔබ මෙලොව සිටින බව බාහිර ලෝකයා දැන ගනු ඇත. දැක ගනු ඇත.



"උද්යෝග්ය නොමැතිව ලොව දිනා ගත් කිසිවක් නොමැත"



www.positivetkg.blogspot.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us