2015 මැයි 17 සිට මැයි 24 දක්වා සතියේ ලග්න පලාඵල
තමා ලබන ආදායම් තත්වයන් පිලිබදව ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකි සතියකි.ලැබීමට තිබූ ආර්තික වටිනාකම් මගහැරී යා හැකිය.ගෘහ ජීවිතයේ ඇතිවන ගැටලු හේතුවෙන් සිතේ සැනසීම අඩුවේ.කලබල ගතියෙන් යුතුව කටයුතු කිරීමට පෙලබේ.තමා පිලිබද වැඩි උසස් බවකින් කටයුතු කිරීම සහ අනෙකාගේ උපදෙස් පිලිනොපැදීම නිසා මිතුරන්න් සතුරු විය හැකිය.හිතවතුන් අසලවැසියන් සමග පවත්වන සබදතා පලුදුවීමට අවස්තාව පවතී.දුර බැහැර ගමන් යෙදිය හැකිය.වෙනදාට වඩා බුද්ධිමත් බවක් පවතින සතියක් උවත් අත්‍යාවශ්‍ය මොහොතක එය නිසිලෙස භාවිතා කිරීමට නොහැකිව සිත් තැවුල් ඇතිකරවයි.විවාහ ජීවිතය සම්බන්දව අසුබ බලපෑම තව දුරටත් පවතින හෙයින් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්ය.රහස් පෙම් සබදතා ඇතිවිය හැක.සතිය අවසානය වන විට සිතට සතුට සහ සහනය ඇතිවන ආකාරයේ සිදුවීමක් හෝ ආරංචියක් ලැබීමට අවස්තාව පවතී.නොගැලපෙන සමාජ සබදතා ඇතිවිය හැකි බැවින් බුද්ධිමත්ව කටයුතු කරන්න.
තමා කරන ඕනෑම කටයුත්තක් වෙනුවෙන් වැඩි කැපකිරීමකින් යුතුව කටයුතු කරයි.එනම් කැපවීම සහ ඕනෑකම පවතී.වෙනදාට වඩා වැඩි වගකීමක් දැරිය හැකි එම වගකීම ඉටුකල හැකි කාලයකි.ආර්තික තත්වය යහපත් උවත් ලබන මුදල තමා සතුව පවතින්නේ ඉතා කෙටි කාලයකි.මුදලක් ලැබෙනවා සමග එම මුදල වියදම් කිරීමටද හේතුවක් ඇතිවන බැවින් ඉතිරි කිරීමක් බලාපොරොත්තු විය නොහැක.ගමන් බිමන් අතර තුර හමුවන අය සමග මිත්‍ර සබදතා ඇතිකර ගැනීමට පහසුවෙන් වෙනත් අයගේ සිත් දිනාගැනීමට හැකි කාලයකි.පෙම් සබදතා ඇතිකරගැනීමද පහසුය.තම දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වැය කරමින් කටයුතු කලද එයින් ඔබට සිතට සතුට සහනය ලැබෙනවා ඇත.විවාහ ජීවිතය සම්බන්දව නම් තරමක අසුබ තත්වයක් පැවතියත් බලවත් ගැටලු ඇති නොවේ.ඇතිවන ඕනෑම ගැටලුවකට ශක්තිමත්ව මුහුණ දීමට ආත්ම ශක්ත්ය පවතී.නිවසේ කටයුතු දේපල සම්බන්ද කටයුතු වලදී මූලිකත්වය ගෙන ක්‍රියාකල හැකි අතරම ඔබට එයින් පැසසුම් ද ලැබෙනවා ඇත.හදිසි හිසේ කැක්කුම් මෙන්ම උණ රෝගී තත්වයන් ඇතිකරවයි.
ඔබගේ ආර්තික තත්වය නම් මෙම සතියේදී එතරම් යහපත් වන්නේ නැත.ඔබ ස්වයං රැකියාවක නිරත අයෙකුනම් තමාට වැඩ තිබුණද එම වැඩ නිසි ආකාරයෙන් නිසි වේලාවට කිරීමට ඇති හැකියාව මගහැරී යනු ඇත.විශේෂයෙන් නිවසට අමුත්තන් පැමිණීම,අසල් වැසියන්ට කිසියම් උපකාරයක් කිරීමට සිදුවීම නැතිනම් හදිසියේ යෙදෙන ගමන් බිමන් හේතුවෙන් ආර්තිකමය වටිනාකම් මගහැරී යා හැකිය.එමෙන්ම මේ හේතුවෙන් පවතින සරල මානසික මට්ටමට හානි ඇතිකරවයි.අලස ගති ඇතිවේ.කෙසේ වතත් කාන්තා පාර්ශවයට පුරුෂ පාර්ශවය සමගත් පුරුෂ පාර්ශවයට කාන්තා පාර්ශවය සමගත් හදිසි සබදතා ඇතිකරගැනීමට හැකිවේ.එමෙන්ම පවතින මිත්‍ර සබදතාවයක් පලදුවී යා හැකි සතියකි.ඔබට ඔවුන් තේරුම් ගැනීමට නොහැකිවීම සහ ඔවුන්ට ඔබව තේරුම් ගැනීමට නොහැකිවන සතියකි.අලංකාරයට හැද පැලද පිලිවෙලට සිටිය හැකි , එම කටයුතු සදහා සිත යොමුවන සතියකි.උසස් අයගේ ඇසුර ලැබිය හැකි උවත් ඔබට එමගින් ඇති වන බලවත් යහපතක් නැත.
සිත් බිදීම් සිත් රිදවීම් ඇති සතියකි.හදුනා ගැනීම තේරුම් ගැනීම පිලිබදව ගැටලු ඇතිකරවයි.තමාට වයසින් අඩු අය සමග සම්බන්දතා ඇතිකරගනී.විවාහ අපේක්ශිතයන්ට සිත් පීඩා ගෙනදේ.නමුත් ආදායම් තත්වයත් රැකියාවේ තත්වයත් වර්ධනය කරගැනීමට අමතර අවස්තා පවතී.සුවීප් ටිකට් ආදියෙන් ලාබයක් ලැබිය හැකිය.වියදම්ද ඉහලයයි.නමුත් කිසියම් අමතර වියදමක් සිදුකරන්නේ නම් එය අනාගත ආයෝජනයක් වනවා ඇත.එනම් ඔබ කිසිවෙකුට ණය මුදලක් ලබාදෙන්නේ නම් ඉදිරියේදී ඔබ ලබාදුන් මුදලට වඩා වැඩි මුදලක් ඔබට ලැබෙනවා ඇත.නිවස තම දේපල සහ විවාහය පිලිබදව යම් යම් ගැටලුකාරී තත්වයන් ඇතිවිය හැකිය.විදෙස්ගත වීමක් සදහා සූදානම් වන්නේ නම් මෙම සතිය තුල එම කටයුතු බොහෝ දුරට අවසන් කරගැනීමට හැකියාව ලැබේ.සහොදරයන් සහ අසල්වැසියන් සමග පවතින සබදතාවයන්ගෙන් තරක දුරට හෝ ඈත්ව කටයුතු කිරීමට සිදුවනු ඇත.
ආර්තිකය සම්බන්දව යහපත් කාලයකි.රැකියාවේ උසස්වීම් සදහා බලාපොරොත්තුවක් තිබේ නම් එම කටයුතු සදහා මූලික කටයුතු ආරම්බ කිරීමට එසේ නැති නම් රැකියා ස්තානයේ ප්‍රධානියාට ඒ සම්බන්දව මතක් කිරීමක් සිදු කිරීමට ඉතා යහපත් සතියකි.උසස් අයගෙන් උදව් උපකාර ලැබෙනා කාලයක් හෙයින් ඔබගේ එම කටයුතු සදහාද උපකාර ලැබෙනු ඇත.නව මිත්‍ර සම්බන්දතා ඇතිවේ.එයින්ද උසස් අය දැන හදුනා ගැනීමේ විශේෂ අවස්තාවම් මෙම සතිය තුල පවතිනවා ඇත.ආගමික කටයුතු අසරණ අයට උදව් කිරීම ආදියටද සිත යොමුවේ අවස්තාව සැලසේ.අධ්‍යාපනික කටයුතු පිලිබදවද බලවත් අසුබ තත්වයන් බාධාවන් ඇතිනොවේ.විවාහ සම්බන්දතාවය පිලිබදව එතරම් යහපත් තත්වයක් නැත.සමගියට බාධා ඇතිකරවනු ඇත.විශේෂයෙන් සහකරුගේ හෝ සහකාරියගේ අසනීප තත්වයන් ශාරීරික දුබලතාවයන් අනෙකාට තේරුම් ගැනීමට අපහසු වීම මත සිත් අමනාපවීම් ඇතිකරවයි.
ඔබට පැවති ශාරීරික පීඩා මානසික පීඩා ආදිය ක්‍රමයෙන් ඉවත්ව යමින් ඇත.ආර්තික තත්වයට පැවති අවහිරතාවයන්ගෙන් සහනය ලැබෙනු ඇත.රැකියාව සහ ආධායම සම්බන්දව විශේෂ යහපත් තත්වයන් ඇතිකරවයි.විශේෂයෙන් උත්සහය සහ ඕනෑකම මත කරනු ලබන බොහොමයක් කටයුතු සාර්තකත්වයක් ලබමින් අවසන් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.නමුත් තමා ලගින් හිතවත්ව උදව් උපකාර කල අයගේ වෙනස්කම් ඇතිවේ.මිතුරා සතුරු විය හැකි අතර එලෙස වෙන්වන මිතුරන්ට වඩා වැදගත් යහපත් අයගේ ඇසුරත් උපකාරත් ඔබට ලැබේ.ඉගෙනීම් සදහා බාධා ඇතිවේ.එය කම්මැලිකම අලස කම නොව ශරීරික දුබලතා ආදිය නිසා විය හැකිය.සෙම්ගති සම මතුපිට දුර්වලතා ආදිය ඇතිකරවයි.
සමස්තයක් ලෙස ගත්කල තුලා ලග්නයට තවමත් බලවත් සුබ තත්වයක් ඇතිවී තිබෙනවා යන්න කිව නොහැක.නමුත් පවතින ආකාරය අනුව මෙම සතිය එතරම් අයහපත් නැත.සතුරු කරදර කෙනෙහෙළිකම් ඇතිවිය හැකි උවත් එම ගැටලු විසදා ගැනීමට මගහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.සිතට සතුට ගෙනදිය හැකි ගමන් බිමන් යෙදෙනු ඇත.නැතිනම් දුර බැහැර විනෝද චාරිකා ආදියට ඇරයුම් ලැබෙනු ඇත.රැකියාව සහ ආදායම පිලිබදව එතරම් වෙනසක් ඇතිනොවේ.අමතර වියදම් යෙදෙනු ඇත.පෙම් සබදතා සදහා අවස්තා පවතී.වැඩිහිටියන්ගේ දෙමාපියන්ගේ උපකාර ලැබේ විවාහ ජීවිතයේ අසුබ තත්වයන් පැවතියත් වෙනදාට වඩා සමගිය සතුට වර්ධනය වනු ඇත.සෙම් ගති සහිතයි.කාන්තාවන්ට උශ්ණ රෝග ඇතිකරවයි.
යහපත් ආකාරයෙන් පෙම් සබදතා ඇතිකර ගැනීමට මෙම සතිය තුල මෙන්ම ඉදිරියටත් අවස්තාවක් පවතී.විවාහ බලපොරොත්තු ඇති තරුණ තරුණියන්ට ඒ සදහාද විශේෂ අවස්තා පවතී.විවාහ දිවි ගතකරන අයගේ සමගිය බැදීම වර්ධනය වනු ඇත.ඉගෙනීම් සම්බන්දව යම් යම් බාදාවන් ඇතිකරයි.රැකියාව සම්බන්දව විශේෂ යහපතක් හෝ අයහපතක් ඇති නොවී සාමන්යාකාරයෙන් පවතී.ආර්තික තත්වය කිසියම් ප්‍රමාණයකට යහපත් වන අතර ඒ ආකාරයෙන්ම වියදම් තත්වයන්ද පවතින නිසා වැඩි වෙනසක් ආර්තික තත්වයට ඇති නොකරයි.සිතට සතුට ප්‍රිතිය ගෙනෙන සතියකි.විනෝද ගමන් මිතුරු ඇසුර නව මිතුර මිතුරියන් හදුනාගැනීම ආදියෙන් සතුට වර්ධනය කරයි.ඔබට ඇදුම් පැලදුම් ආදිය මිලදී ගැනීමට සිත යොමුවන කාලයක් බැවින් අමතර වියදමක් දැරීමට සිදුවිය හැකිය.හන්දිපත් වේදනා පිට කොන්ද ආශ්රිත වාත රෝග ආදිය ඇතිවිය හැකිය.
ආදායම් සහ වියදම් පිලිබදව ව්ශේෂත්වයක් ඇති නොකලත් උපයනවාට වඩා වියදම් කිසියම් ප්‍රමාණයකින් ඉහල යනු ඇත.මානසික සහ කායික දුබලතා ඇතිකරවයි.අලස කම වර්ධනය කරයි.විශේෂයෙන් එය උද වරුව තුල පවතිනු ඇත.ලේ ශක්තිය තරමක දුර්වල වීම සහ මනසේ සමබරතාවය ගිලිහීයාම මත කම්මැලි ගති ඇතිවී කලකිරීම් තත්වයක් දක්වා වර්ධනය කරනු ඇත.කෙසේ වෙතත් අලසකම් මැද උවද ඉගෙනීම් කටයුතු පවත්වාගෙන යාමට අවස්තාව ලැබේ.තාක්ෂණික අංශයට සම්බන්දව රැකියා කරන අය ප්‍රවේසමෙන් කටයුතු කිරීම වැදගත්ය.හදිසි අනතුරු මගින් ලේ ගැලීම් තත්වයක් ඇතිකල හැකි කාලයකි.විවාහ මංගල අවස්තාවන් උදාවේ.එවැනු උත්සවයන්ට සම්බන්ද වීමට අවස්තාව ලැබෙනු ඇත.නව සබදතා ඇතිකර ගැනීමටත් අවස්තාව පවතින සතියකි.අමතර වියදම් වැඩි විය හැකිය.
ආත්ම ශක්තියෙන් යුතුව බොහොමයක් බාදාවන් ජයගැනීමට අවස්තාව ලැබේ.රැකියාව සම්බන්දවද යහපත් තත්වයක් ඇතිකරවයි.අමතර ආධායම් අවස්තාවන් සදහා යොමුවීමටත් එයින් ආර්තික වාසි ලබා ගැනීමටත් අවස්තාව ලැබෙනු ඇත.තම බලාපොරොත්තු ප්‍රර්තනා ඉටුකර ගැනීමට මෙම සතිය තුල ඔබ යොමුවුව හොත් ඒවා ඉටුකරගැනීමට තිබෙන අවස්තාව වැඩිය.විවාහ දිවියේ සුබ තත්වයන් ඇතිකරනා කාලයකි.දරුවන් සම්බන්දව තරමක සිත් බිදීමක් හෝ දරුවන්ගේ අසනීප තත්වයක් නිසා වැඩි වියදමක් , කැපකිරීමක් සිදුකිරීමට සිදුවනු ඇත.ඉගෙනීම් සම්බදව යහපත්ය.උසස් සමාජය සමග සබදතා පැවැත්වීමට යහපත් කාලයකි.
සමාජ සම්බදතා වර්ධනය කරගත හැකිවේ.ඔබට අන් අයගෙන් ලැබෙන උදව් උපකාර වර්ධනය කරයි.ප්‍රේම සබදතා සදහා සිත යොමුවේ.නව සබදතා ඇතිකරගැනීමටත් අවස්තාව සැලසෙනු ඇත.විශේෂයෙන් තමාට වඩා වයසින් වැඩි අය සමග ප්‍රේම සබදතා ඇතිවේ.වැඩිහිටියන්ගේ උදව් උපකාර ලැබේ.ශණික කෝප ගතියක් ඇතිවිය හැකියි.දේපල සම්බන්දව ගැටලුකාරී තත්වයන් ඇතිකල හැකි උවත් ඒවා ආරම්භයේදීම විසදා ගැනීමට හැකිවනු ඇත.සතුරු කරදර උවද ඉතා සාමකාමීව විසදා ගැනීමේ හැකියාව පවතී.ඉගෙනීම් කටයුතු වෙනුවෙන් උද්යෝගයෙන් යුතුව කටයුතු කරයි.තරග විභාග ආදියට ඉදිරිපත් වන්නේ නම් පැහැදිලි ජයක් දිනුමක් ලැබිය හැකි කාලයකි.කුමන තත්වයක් යටතේ උවත් සිතේ සතුට පවත්වාගෙන යාමට අවස්තාව ලැබෙනු ඇත.
සහොදර සහෝදරියන් සමගත් අසල්වැසියන් සමගත් පවත්වන සබදතා වර්ධනය කරගැනීමට අවස්තාව ලැබෙනවා ඇත.කෙටි ගමන් බිමන් ඇතිවේ.නිවසේ අලංකාරණ කටයුතු සදහා යොමුවේ.ප්‍රිය සම්භාෂණ සහ උත්සව සදහා ආරාධනාවන් මෙන්ම සම්බදවීමටත් අවස්තාව ලැබෙනු ඇත.පැරණි මිතුරු හමුවක් හෝ ලැබෙන ඇමතුමක් හේතුවෙන් සිතට සතුට ඇතිකරවයි.විවාහ අවස්තාවන් පවතී.විවාහ සබදතා වර්ධනය වනු ඇත.දරුවන් සම්බන්දවද යහපත් කාලයකි.උදව් උපකාර ලැබේ.හවුලේ කරන කට්යුතු මගින් ලාබ ලැබේ.නොගැලපෙන සබදතා රහස් සබදතා ආදියට ඉඩ ඇති කාලයකි.යටි බඩ හෝ රහස් ස්තාන සම්බන්දව රෝගී තත්වයන් ඇතිවන්නට තිබෙන අවස්තාව වැඩි නිසා පිරිසිදුබව පිලිබදව සැලකිලිමත් වන්න.