ග්‍රහ මණ්‌ඩලය ඔබ ගැන කියන විස්‌තරය

ස්‌ථාන බල ස්‌වකීය උච්චරාශිය මිත්‍රග්‍රහ රාශිය ස්‌වකීය ත්‍රිකෝණ රාශිය ස්‌වක්‌ෂේසත්‍ර රාශිය ස්‌වකීය නවාංශකය යන මෙයින් යමක සිටි ග්‍රහයා ස්‌ථාන බලයෙන් යුතුය. සුබ ග්‍රහයන් විසින් දක්‌නා ලද ග්‍රහයන්ද ස්‌ත්‍රී රාශිවලට පැමිණ රවි, කුජ, බුධ, ගුරු, ශනි, යන පස්‌ දෙනාත් ස්‌ථාන බලාධික වෙති.

දික්‌ බල පිළිවෙලින් බුධ ගුරු දෙදෙනා පූර්ව දිගට එනම් කේන්ද්‍රයේ ලග්නයටද රවි කුජ දෙදෙනා දක්‍ෂිණ දිගට එනම් දස වැන්නටද ශනි පශ්චිම දිගට හෙවත් සත් වැන්නටද කිවි සඳු දෙදෙනා උත්තර දිගට හෙවත් සතර වැන්නටද දිග් බලවෙයි.

චෙෂ්ටා බල - උත්‍රායනයට පැමිණි හිරු සඳු දෙදෙනා කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි යන පස්‌දෙන වක්‍රවූ විට සහ චන්ද්‍රයා සමග එක්‌වූ කලද කේන්ද්‍රයෙහි දෙවෙනි තුන්වැනි නැකැත් පාද වල සිටි ග්‍රහයන්ද සුභ යුද්ධයෙහි ජයගත් ග්‍රහයෝද වෙෂ්ටා බව යුතුයි.

කාල බල - සඳු, කුජ, ශනි, යන තිදෙනා රාත්‍රියෙහිද බුධ හැම කල්හිද සෙයුග්‍රහයෝ දහවල්ද කෘෂණ පක්‍ෂයට ගියාවූ කෲර ග්‍රහයෝද ශූක්‌ල පක්‍ෂයට ගියාවූ සෞම්‍ය ග්‍රහයෝ ද වර්ෂයට අධිපති ග්‍රහයා ඒ වර්ෂයේද මාසාදිපතියා ඒ මාසයේද දිනාදිපතියා ඒ දිනයෙහිද හෝරාධිපතියා ඒ හෝරාවෙහිද බලවත් වෙති. කාල බලයයි. නෛසර්ගික බලා ස්‌වභාවයෙන් පිහිටි බලය නෛසර්ගිකයි. ශනි, කුජ, බුධ, ගුරු ශුක්‍රාචන්ද්‍ර රවි යන ග්‍රහයින් සත්දෙන පිළිවෙලින් එකිනොකට වඩා බල ඇත්තෝ වෙති. ශනි සියල්ලන්ගෙන්ම බල හීනයි. රවි සියල්ලගෙන්ම බලාධිපතියි. මේ නෛසර්ගික බලයයි. උක්‌ත බලයෙන් යුක්‌ත ග්‍රහයා බොහෝ සම්පත් ඇතිකරයි. ත්‍රිකෝණ බලයෙන් යුක්‌ත නම් බල ඇති වෙයි. ස්‌වක්‍ෂේත්‍ර බලයෙන් යුක්‌ත ග්‍රහයා සතුවූ උපදවන ධන ධාන්‍ය සම්පත්තියෙන් යුත් කෙනෙක්‌ වෙයි. මිත්‍ර ක්‍ෂේත්‍ර බලයෙන් යුක්‌ත ග්‍රහයා තේජස්‌, සැප, ස්‌ථිර සම්පත් රජුගෙන් ලබන ලද ධන ඇති ප්‍රසිද්ධ කෙනෙක්‌ වෙයි. කීර්තිමත් වෙයි.

නවාංශක බලයෙන් යුක්‌ත ග්‍රහයා තේජස්‌ සැප ස්‌ථිර සම්පත් රජුන්ගෙන් ලබන ධන ඇත්තෙකි. ශුභ ග්‍රහයින් දැකීමෙන් යුක්‌ත ග්‍රහයා ධනවත් ප්‍රසිද්ධ දුටුවන් සිත් පහදවන ප්‍රධාන වූ ගුණ ඇති කෙනෙකි. ස්‌ත්‍රී රාශි බලයෙන් යුක්‌ත ග්‍රහයා ජනයාගෙන් පූජා ලබන කලාවන්හි දක්‌ෂ ප්‍රසන්නයන් ඇති සැප ඇති පරලොවට බය ඇති අයෙකි. දික්‌ බලයෙන් යුක්‌ත ග්‍රහයා ස්‌වකීය දිශාවට පමුණුවා වාහන සැප වස්‌ත්‍රාභරණ යන මෙයින් යුක්‌ත කෙනෙක්‌ වෙයි. වර්ෂාධිපති, මහාධිපති, දිවිසාධිපති හෝරාධිපති ග්‍රහයෝ පිළිවෙළින් වැඩි වැඩට ස්‌වකීය දශාවෙහි සැප ද වස්‌තුවද කීර්තිය ද දෙති. රාශි බලයෙන්ද දිවා බලයෙන්ද පිරුණු ග්‍රහයන් කරණකොට භූමි ලැබීමෙන් ද ශූරභාවය වැඩි වීමෙන් ද සතුරන් පරදවයි. පක්‍ෂ බලයෙන් යුක්‌ත ග්‍රහයෝ සතුරන් නසති. රුවන් වස්‌ත්‍ර හස්‌ති ස්‌ත්‍රී ස්‌වර්ණ ගම් බිම් ද නිර්මල කීර්තිය ද ගෙන දෙයි.

ග්‍රහ ප්‍රභේද

උච්චයෙහි සිටි ග්‍රහයා දීප්ත නම් වේ. මිත්‍ර ක්‌ෂේත්‍රයෙහි සිටි ග්‍රහයා හර්ෂිත නම් වේ. ස්‌වක්‍ෂේත්‍රයෙහි සිටි ග්‍රහයා ස්‌වස්‌ති නම් වේ. සුබ වර්ගවල සිටි ග්‍රහයා ශාන්ත නම් වේ.

දෛවඥ දීපානි රණවීර News lanka Magazine

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us