අයිස් වතුර” පිළිකා කාරකයක්

හොඳින් මහන්සිවී සිටින අවස්ථාවක දී අයිස් වතුර එකක් බොන්න කවුද අකමැති. කොහොම වුණත් අයිස් වතුර ශරීර සෞඛ්‍යට හොඳ දෙයක් නොවන බවට කවුරුත් දන්නා කරුණක්. මේ අයිස් වතුර හේතුවෙන් මිනිස් ශරීරයට සිදුවන තවත් හානියක්. බොහෝ දෙනා ආහර අනුභවයෙන් පසුව කිසියම් හෝ පානයක් ලබා ගැනීම සාමාන්‍ය දෙයක්.

 නමුත් වර්තමානය වන විටමෙම  පානය ශීත කළ බීමක් බවට බොහෝ දෙනා පත් කර තිබෙන අයුරු ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති.  අඩුම තරමේ ජලය හෝ ශීත කර ලබා ගැනීම් ඔවුන්ගේ පුරුද්දයි. නමුත් ආහර අනුභවයෙන් පසුව ශීත කළ බීමක් ලබා ගැනීම නුසුදුසු බව පර්යේෂකයන් පෙන්වා දෙයි.

 ශීතකල බීම සහ ජලය ආහර වලට පසුව ගත් විට ආහර වල ඇති මේද කොටස් උදරය තුළ දී ගණ තත්ත්වයට පත් වේ. මෙමගින් ගණ ආහාර කොටස් ජීරණය කිරීම ඉතා අපහසු වන අතර මේ හේතුවෙන් විවිධ අසාත්මිකතා, පරිවෘත්තිය අක‍්‍රිය වීම, ප‍්‍රතිශක්තිය දුර්වල වීම වැනි දේ සිදුවේ.

 එමෙන්ම දිගින් දිගටම මෙය චර්යාවක් කර ගැනීම නිසා ඇතැම් විට පිළිකා තත්ත්වයන් පවා ඇති වීමේ ඉඩකඩක් තිබෙන බව පර්යේෂකයන් පවසයි. එම නිසා ආහර වේලකට පසුව උණු සුප් එකක් හෝ කාමර උෂ්ණත්වයේ පවතින් ජලය පානය කිරීමට නිරන්තරයෙන් පුරුදු වීම හොද පුරුද්දකි.

 උණු බීම මගින් ජීර්ණ පද්ධතියෙහි ක‍්‍රියාකාරීත්වය වැඩි කිරීම මෙයට හේතුවයි. එමෙන්ම ආහරයට ගන්නා ද්‍රව්‍යවල ඇති පෝෂක සහ ශක්තිය නිසි පරිදි අවශෝෂණය කර ගැනීමට එය උපකාරී වේ.

උපුටාගැනිම:colomboweek.com

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us