අපල දුරු කරන මැණික්‌ ගැන තතු මෙන්න

සෘෂිවරු ග්‍රහයන්ට අයත් ගල් නිර්දේශකර ඇත. එය සත්‍යයකි. එය ග්‍රහයාට අයත් ගල බව දක්‌වා ඇත. එය සත්‍යයකි. එම ගල පැළඳි විට ග්‍රහයාගේ බලය, ගුණය ලැබේ. එය ද, සත්‍යයකි. මැණික්‌ වලින් වර්ණ, භූත, දිශා වැනි බලයන් ඇති කරයි. මැණික්‌ වැරදි ලෙස පැළඳීම සෘෂිවරුන්ගේ වරදක්‌ නොව, පොට වරද්දා ගත් ජ්‍යෙdතිෂවේදීන්ගේ වැරැද්දකි. සෙනසුරු අපලයට කාක නිල් පැළඳීමෙන් සෙනසුරුගේ බලය ශරීරයට වැඩිපුර ලැබේ. එසේ වන්නේ සෙනසුරු අශුභ ග්‍රහයෙකු වීම නිසාය. සෙනසුරු පමණක්‌ නොව ගුරු සිකුරු බුධ වැනි අශුභයෙකුගේ ගල් පැළඳීමෙන් ද වන්නේ එයයි. ග්‍රහයන්ට නියමිත මැණික්‌ ගැන සෘෂිවරු සඳහන් කර ඇතත් අපල කාරකයන්ගේ ගල් පළඳින්න කියා කිසිදු මුල ග්‍රන්ථයක කියා නැත.

දෛවඥ හරමානිස්‌ අප්පුහාමි මහතා විසින් රචිත දශා ප්‍රදීපය පොතේ 255 වැනි පිටුවේ ග්‍රහ දෝෂ දුරුවීම පිණිස නවරත්න මුද්‍රිකා ධාරන විදිය නමින් ඇති පරිච්ඡේදයේ මෙසේ ශ්ලෝකයක්‌ දක්‌වා ඇත.

මාණික්‍යං කරණෙමර්ෙධ්‍ය ප්‍රච්‍යං වජ්‍රං හෘගෙර්වධො(

ආගේනයHං මෞකතිකං යාම්‍යාං ප්‍රවලං මංගස්‍යච

ගෝමේද්‍ය රක්‌ෂයේ රාහෙ( පශ්චිමේ නංලකං ශව(

වායෞ වෛඩුයH_කං කෙතෝ රුදිච්‍යාං පුෂ්පකං ගුරෙ(

ගාරුත්මතං තථෙ ශාන්‍යාං සෝමපුත්‍රස්‍ය තුෂ්ටයේ

මුදිකායනං නරෙධ්‍යායHං ග්‍රහාණං ප්‍රිතයේ සදා

එහි තේරුම රත්තරනින් මුදුවක්‌ සාදා එහි මුදුන ගෝලාකාර කොටස්‌ 09 කට බෙදා පූර්ව දිශාවේ ඒ ඒ ග්‍රහයන් උදෙස්‌ මේ මතු කියන ආකාරයෙන් නව විධි මාණික්‍ය ජාති ඇල්ලීම කටයුතුය. ඊළඟට ඒ ඒ ග්‍රහයන්ට අයත් ගල් සඳහන් කර ඇත. අවසානයේ දක්‌වා ඇත්තේ රන් මුදුවෙහි යොදා ග්‍රහයන්ගේ ප්‍රීතිය පිණිස සියලු කල්හි මිනිසුන් දැරිය යුතු බවයි. මෙහි අවසාන පදය පමණක්‌ තේරුම් ගැනීම බරපතල මුලාවකි. එහි සඳහන් වන්නේ නවරත්න මුදුවට ගල් පළඳින ආකාරය වේ. නියම ආකාරයට ගල් ඇල්ලූ විට ග්‍රහ දෝෂ දුරුවන බවකි. ශ්ලෝක රචනා කිරීමේදී කාව්‍යකරුවන් නොයෙකුත් වවන අලංකාර යොදා ගනිති. එහෙත් එය තේරුම් ගැනීම බුද්ධිමතුන්ගේ කටයුත්තකි.

නැකත් සිතුරුවන ග්‍රන්ථයේ ගෝචර ප්‍රකරණය හෙවත් 9 වන ශ්ලෝකයෙහි මෙසේ සඳහන් වේ.

වජ්‍රං ශුක්‍රෙ ෙ€ජ සුමුක්‌තා ප්‍රවාලං

භෞමේ ගෞමේද මාකෞ සුනීලම්

කෙතෞ වෛදුරයං ගුරෞ පුෂ්පකං ඥෙ

පාචිං ප්‍රාඩ මාණක්‍යමෙකෞ තු මෙධ්‍ය

මෙහි අර්ථය - මුද්‍රdවෙහි නැගෙනහිර කොටස කිවි ග්‍රහයාට දියමන්තියක්‌ද, සඳුට ගිනිකොන මුතු ඇටයක්‌ද, කුජට දකුණුදිග පබලුවක්‌ද, රාහුට නිරිත දිග ගෝමේදයක්‌ද, ශනිට බටහිර කොටසේ නිලක්‌ද, කේතුට වයඹ කොටසේ වෙරලුමිනක්‌ද, ගුරුට උතුරු පුෂ්පරාගයක්‌ද, බුධට ඊසානින් මරකතක්‌ද, හිරුට මැද මැණිකක්‌ද බැඳ පළඳිනු යන්නයි. මේ ශ්ලෝකයෙහි ඒ ඒ ග්‍රහයන්ට අයත් මැණික නවරත්න මුදුවේ තැන්පත් කරන ආකාරය සඳහන් කර ඇතත් අපල කරන ග්‍රහයාට පැළඳීම ගැන හෝ ග්‍රහයන් ගල් නිසා ප්‍රීති වීම ගැන සඳහන් කර නැත.

එහි 10 වැනි ශීර්ෂකයද මැණික්‌ පැළදීම ගැන සඳහන් කර ඇත.

මාණික්‍ය මුක්‌තා ඵල විද්‍රdමාණි

ගාරුත්තමකං පුෂ්පක වජ්‍ර නිලම්

ගෝමේද වෛදුර්ය කමකෘත( ස්‍යq

රත්නාන්‍යථෝ ඥස්‍ය මුදේ සුවර්නම්

මේ ශ්ලෝකයේ මුල් පදයෙන් කියවෙන්නේ මැණික්‌ ගල් ඵල උපදවන බවකි. හිරුට පද්මරාගයක්‌, සඳුට මුතු ඇටයක්‌ වශයෙන් ග්‍රහයන්ට අයත් මැණික්‌ ගැන මෙහි පෙන්වා දුන්නේ කිසිදු තැනක අපල කාරක ග්‍රහයාගේ ගල පළඳින්න යෑයි තේරුමක්‌ නොදේ. එහෙත් සිංහලෙන් ප්‍රකාශයට පත්කර ඇති පොතක නැකත් සිතුරුවනේ පරිවර්තකයා දෝෂයට අදාළ ග්‍රහයාට හිමි මැණික පමණක්‌ පළඳින්න" යෑයි සඳහන් කර ඇති අතර, ශ්ලෝකයේ නියම අර්ථයනම් ග්‍රහයාගේ බල මැණික විසින් ලබාදෙයි යන්නයි. නැකත් සිතුරුවනෙහි වෙනත් කිසිදු තැනක මැණික්‌ ගැන සඳහන් නොවේ. සංස්‌කෘත ගැන දැනුම් තේරුම් ඇති අය මෙය තේරුම් ගනිත්වා. පරිගණක අක්‌ෂර භාවිත කිරීම නිසා බැඳි අකුරු වෙනස්‌කර ලිවීමට සිදුවිය. මේ ශ්ලෝකවල සඳහන් කර ඇති පරිදි කාව්‍ය රචනා අලංකාරය සඳහා එසේ යොදා තිබෙන බව පෙනේ.

මැණික්‌ පිළිබඳ දත යුතු දේ තවත් බොහෝය. විශේෂයෙන් මැණික්‌ කැපීමේ දී භාවිත කරන ක්‍රමය දැනගෙන සිටීම ඉතා වැදගත්ය. මැණික්‌ කැපීමේ දී වැරදි ක්‍රමයට කැපූ ගල් පැළඳීම අශුභ ඵල ලැබීමට හේතුවකි. බොහෝ දෙනකු නියම ග්‍රහයාට පළඳින ගල වූ වද, වැරදියට කපා ඇත්නම් එහි ප්‍රතිඵල නොලැබී යයි.

මැණික්‌ වාණිජ වටිනාකමක්‌ ඇතුව විකිණීමට අවශ්‍ය නිසා මැණික්‌ ගලේ දිලිසීම ඉතා වැදගත් වෙයි. මේ නිසා මැණිsක්‌ කපන විට දිලිසීම ඇතිවන ආකාරයට කැපීම සිදුකරයි. මෙහි දී සිදුවන්නේ මැණික්‌ ගලට ඇතුල්වන කිරණය අභ්‍යන්තර පරාවර්තනයට ලක්‌වී නැවත ආපසු පැමිණීමයි. මේ නිසා ගල දෙස බැලූවිට ගල දිලිසීම ඇති කරයි. එසේ වන්නේ කිරණ ගල තුළින් ආපසු පරාවර්තනය වන නිසාය.

පහත ක්‍රම තුනම (ඔදද deeච ජමඑල ඔදද sය්කකදඅ ජමඑල ෂාeaක ජමඑ) මැණික්‌ කැපීමේදී භාවිත කරයි. මෙයින් අංක 3 ක්‍රමය තුළින් ගලෙන් වර්තන අංකය අංශක 45 ට කැපෙයි. මෙහි දී ගලට උඩින් ඇතුල්වන කිරණ ඇතුල් බිත්තියේ වැදී, ගල තුළටම වර්තනය වන අතර අංශක 45 නිසා අනෙක්‌ බිත්තියේ වැදී පරාවර්තනය වෙයි.

මෙහි 3 වන රූපයේ දැක්‌වූ ආකාරයට වර්ථන අංකය අංශක 45 ට වැඩි කෝණයක්‌ සිටින ආකාරයට කැපූ විට එයින් ඇතුළට එන කිරණ බිත්තියේ වැදී වර්තනය වී එම බිත්තිය තුළින්ම ඇතුළට වර්තනය වේ.

2 වැනි රූපයේ දැක්‌වූ ආකාරයට කැපූ විටද ඇතුල් වන කිරණය කෙළින්ම ඇතුල් පැත්තට වර්තනය වෙයි.

මේ නිසා 1 වන හා 4 වැනි රූපවල ආකාරයට කැපූ ගල්වලින් පරාවර්තනය නොවන අතර කිරණ ආපසු ගමන් කරයි.

නමුත්, අද වෙළෙඳපොලේ ගල් පැළඳීම වැඩිකර ගැනීමට 4 වන රූපයේ දැක්‌වෙන ආකාරයට කැපූ ගල් වැඩිපුර අලෙවි කරයි. දියමන්ති වැනි වටිනා ගල් වැඩි වශයෙන් කපා ඇත්තේ මේ ක්‍රමයටයි. වෙළෙන්දාට අවශ්‍ය වන්නේ පාරිභෝගිකයාට ගල් දිලිසීම පෙන්නා වැඩි මිලකට ගල් අලෙවි කිරීමටයි. 3 වැනි හා 2 වැනි ක්‍රමවලට කැපූ ගල්වල දිලිසීමක්‌ ඇති නොවන බවත් ඒවා විකිණීමට පවා ඔවුන් මැලිවේ. එහෙත් මෙම ක්‍රමය හඳුනාගත් සමහර මැණික්‌ ව්‍යාපාරිකයන් සුළු පිරිසක්‌ නිසි ප්‍රමිතියට කැපූ ගල් අලෙවි කරති.

ග්‍රහ අපලයකදී අදාළ ග්‍රහයාගේ කිරණය ශරීරයට වැඩිපුර ලබාදීමට නම් 2 වන හා 3 වන ක්‍රමයට ගල් පැළඳිය යුතුය. නොඑසේනම් එයින් කිසිදු ප්‍රයෝජනයක්‌ අත් නොවේ. ඒ ආකාරයට මැණික්‌ පැළඳීම තුළින් ගලෙහි අඩංගු රසායනික ක්‍රියාවලියක්‌ ද, ශරීරයට උරාගනී. ඒ නිසයි ගල ශරීරයේ ස්‌පර්ශ වන්න පළඳින්න උපදෙස්‌ දෙන්නේ. සමහර ගල්වල ඇති රසායනික ද්‍රව්‍ය ශරීරයට විෂ සහිතය. එවැනි ගල් පැළඳීම නිසා නැති රෝග ඇතිවිය හැක.

මීට කලින් මා ලියන ලද ලිපියේ යෝගකාරක ග්‍රහයාගේ ගල් පැළඳීම සුදුසුය කියා ඇත. එය මූලික සංකල්පය වෙයි. එම පදනමේ සිට බැලීමෙන් ග්‍රහයාගේ තත්ත්වය පරීක්‍ෂා කළ යුතුය. එනම් යෝගකාරක ග්‍රහයා වුවත් 22 වැනි දෙර්කාණාධිපති, බාධක ග්‍රහයා, නීච ග්‍රහයා, 64 වන නවාංශකාධිපති යන තත්ත්වයන් ද පරීක්‍ෂා කළ යුතුය. එපමණක්‌ ද නොවේ. ග්‍රහයාගේ නැකත් අධිපතියා පවා මේ අශුභ ග්‍රහයෙකුට අයත් නොවිය යුතුය. යෝගකාරක ග්‍රහයා වුවද 22 වැනි දෙර්කාණාධිපතිගේ නැකතක සිටියේ නම් එම ගල තුළින් ද අශුභ ඵලම ලැබේ.

ග්‍රහයන්ගේ ග්‍රහමණ්‌ඩල වලට අයත් ඇඟිලිවලට එම ගල්බැඳි මුදුව පැළඳීම ඉතා වැදගත්ය. උදා (- සිකුරු ග්‍රහයාට අයත් දියමන්ති ගලක්‌ රවි මණ්‌ඩලයේ එනම්, වෙදඟිල්ලේ පැළඳීම අශුභය. එසේම ගල් දෙකක්‌ දමන අවස්‌ථාවේ මේ තත්ත්වය සැලකිල්ලට ගත යුතුය. එනම්, එම ග්‍රහයන් දෙදෙනාගේම මිත්‍ර ග්‍රහයෙකුගේ ඇඟිල්ලේ ගල පැළඳිය යුතුය. මැණික්‌වල රසායනික සංයුතියක්‌ද ඇත. එබැවින් එම රසායනිකවල බලපෑම ශරීරයට ලැබේ. මේවා රෝග පීඩා අඩු වීමට මෙන්ම වැඩි වීමටද බලපානු ඇත. මැණික්‌ ප්‍රතිකාර ක්‍රමය තුළින් රෝග පීඩාවන්ද වළක්‌වා ගත හැක. එය දැනුවත්ව කළ යුත්තකි.

එමෙන්ම අද ලංකාවේ මැණික්‌ වෙළෙඳපොළේ විවිධ රටවලින් ආනයනය කරන මැණික්‌ ඇත. ලංකාවේ මැණික්‌ ලෝකයේ ඇති වැඩි වටිනාකමක්‌ ඇති, ඉහළ මිලක්‌ ඇති මැණික්‌ වෙයි. ලංකාවාසීන්ට වඩාත් සුදුසු වන්නේ ලංකා පොළොවෙන් ලැබෙන මැණික්‌ වෙයි.

එබැවින් මෙය කියවන පාඨක ඔබ මැණික්‌ ගල් පැළඳීමේ පිළිපැදිය යුතු උපදෙස්‌ රාශියක්‌ ඇත. පළමුව දක්‍ෂ ජ්‍යෙdතිෂවේදියකු මගින් ඔබට සුදුසු මැණික්‌ ගලක්‌ නිර්දේශ කරගත යුතුය. රූපවාහිනි වැඩසටහන්වල පෙනී සිටින ජ්‍යෙdතිෂවේදීන් පවා මෙම වැරදි ක්‍රමය නිර්දේශ කරනු මා දැක ඇත. කලක පටන් එක්‌තරා රූපවාහිනි නාලිකාවක වැඩසටහනකින් මේ වැරදි මතය බොහෝ දෙනකුට ලබා දුන් අතර දෛවයේ සරදමකින් මෙම පුද්ගලයාට ජනතා විරෝධය එල්ලවීමෙන් මෙම වැඩසටහන පවා නතරවී ඇත. කෙසේ වූවත් වැරදි උපදේශය දෙන පුද්ගලයා ළඟට යැමේ වරද ඇත්තේ එම පුද්ගලයා වෙත යන කෙනා ඇත බැවින් ඒ අයට දොස්‌ කීමෙන් පලක්‌ නැත. තම කේන්දර සටහන්වල පවා රූප, සටහන් පවා යොදා ඇති අතර ඒවා වැරදි බව පෙන්විය හැක.

මැණික්‌ ගල් මිලදී ගැනීමේදීත් සැලකිය යුතු කරුණු මෙහි පෙන්වා ඇත. වැරදි ක්‍රමයට කැපූ ගල් දැමීම තේරුමක්‌ නැති ක්‍රියාවකි. සමහර විට ජ්‍යෙdතිෂවේදියා නිවැරදි ගලක්‌ නිර්දේශ කළද, ලබාගෙන ඇත්තේ වැරදි ආකාරයට කැපූ ගලක්‌ නම් එයින්ද පලක්‌ නැත. මේ නිසා මේ සියලු කරුණු සලකා බලා මැණික්‌ පැළඳිය යුතු බවත්, ඒ සඳහා සුදුසුකම් ඇති අය සොයා ගැනීම ඔබ විසින් තීරණය කළ යුතු දෙයකි.

ජ්‍යෙdතිෂවේදී කුරුණෑගල
කේ. ඒ. යූ. සරත්චන්ද්‍ර News lanka Magazine