ඇස දෙස බලා ඇය ගැන දැනගන්න

මවක විසින් දියණිය ඇසසේ රැකගත යුතුය. ඇයට "මියුලැසි කියන්නේ මුව දෙනකට සදිසි සසල නෙත් ඇති බැවිනි. ළඳුන්ගේ ඇස්‌ විවිධ වර්ණවලින් යුක්‌ත වේ. නිලුපුල් වන් දෙනෙත් ඇති නිසා නිලුපුලී යයි කීහ. උත්පල වන්නාට මෙබඳු නෙත් වීය. දිගටි ඇස්‌ ඇතොත් දිගැසිය කියයි. උපතේදී උරුම වන ස්‌වභාවය නෙතට හිමිකම් කියයි. විසිතුරු කිරීමෙන් නෙත් ප්‍රියකරු කළ හැකිය. වේශ නිරූපණයේදී හා මනාලියන් හැඩගැන්වීමේදී ඇස, ඇසිපිය මෙන්ම ඇසි බැම ද විචිත්‍ර කරයි. වපර ඇස නිසා දුක්‌වෙන ළඳුන්ද වෙති. ඇතැම් විට මේ වපරයට පිං වපර යයි කියනු ලැබේ. එහෙත් එබන්දක්‌ අංග ශාස්‌ත්‍රයේ නොඑයි. වපරය ඇත්තිය ගෙල ඇලකර බැලුම් හෙළති. කෙළින්ම බලන රවුම් බොර ඇස්‌ ඇත්තිය නපුරු ළඳකි. සැමියාට අපල සිදුකරන්නීය. සමහරුනට ඇස තුළද උපන් ළප වෙති.

රතුවූ කොන්හා ඇතුළත කළුවන් තාරකා ඇති සක්‌ හෝ කිරි මෙන් සුදු වූ ශුක්‌ල මණ්‌ඩල හා මොලොක්‌වූ කළුවන් ඇසිපිය ඇති ඇස්‌ ඇත්තාවූ ස්‌ත්‍රිය සෑම අතින්ම යහපත් වේ.

උස්‌වූ ඇස්‌ ඇත්තී මද ආයු ඇතිවේ. වටව ඇස්‌ ඇත්තී කුලයන් කරා යන්නී වේ. එළු දෙනුන්ගේ හා මී දෙනුන්ගේ ඇස්‌ වැනි ඇස්‌ ඇත්තී හෝ මැදින් උස්‌වූ ඇස්‌ ඇත්තී පින් නැත්තී වේ. පින් යනු වාසනාවය.

මීයන්ගේ හෝ කොබෙයියන්ගේ ඇස්‌ වැනි ඇස්‌ ඇත්තී නපුරු ස්‌වභාව ඇත්තාවූ කාමාසා අඩු තැනැත්තියක්‌ වේ. වළ වැදුන ඇස්‌ ඇත්තී ඉතා නපුරුය. රතු ඇස්‌ හිමියන් නසන්නී වේ. "විචාලාක්‌ෂි ගජාෂිව කාමිනී කුලනාශිනී වාධ්‍යාච කංකාණCසි ප්‍රංශවලී.

වාම කාණිකා බළල් ඇස්‌ ඇත්තාවූ හෝ ඇතුන්ගේ ඇස්‌ වැනි ඇස්‌ ඇත්තාවූ ස්‌ත්‍රී කාමාෂා ඇත්තියක්‌ද කුල නසන්නියක්‌ද වේ. දකුණු ඇස වපරවූ තැනැත්තිය වඳවේ. වම් ඇස වපරවූ තැනැන්තිය බොහෝ පුරුෂයන් කරා යන්නිය වේ. සධාධන බතී නාරි මධු පීඬාගාල ලෝචනා පුත්‍ර පෞත්‍ර සුඛාපෙතා ගදිතා පති සම්මතා

මීවන් හෝ විඟුවන් ඇස්‌ ඇත්තාවූ ස්‌ත්‍රී තොම සැම කල්හි ධන ඇත්තාවූ හිමියා විසින් අනුදන්නා ලද්දා වූ දරු මුණුපුරන්ගෙන් සැප ඇත්තියක්‌ වේ.

මොලොක්‌ වූ කළුවන් පැහැ ඇත්තාවූද, ඝනව සැහැල්ලුවූද, ඇසිපිය ඇත්තී හිමියාට ප්‍රියවන සුළු වූ යහපත් තැනැත්තියක වේ.

ලොම් අඩුව තුනීවූද, එල්ලෙන්නාවූද කපිලවන්වූ හෝ මහත්වූ ඇසිපිය ඇත්තී පර පුරුෂයන් කරා යන්නිය වේ.

අනංග රංග ජනනී විඥෙයා මෘදු ලොම ෂා වටවූ හෝ මොලොක්‌වූද මඳ නිල්වන්වූ හෝ දුනු වැනි වූද මෘදු ලොම් ඇත්තාවූ ද බැම ඇත්තී කාම රාග උපදවන්නියකි.

කඳුළෙන් දෑස පුරවා ගත් ළඳුන්, නූතන සමාජයේ බහුල වෙති. කිඹුල් කඳුළු හෙලීමටද ඇය සමත්ය. කෙබඳු නෙත් වුවද රැකගත යුතුය. යටැසින්ද නොබලන්න.

දීපානි රණවීර

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us