ලෝක විනාශයෙන් බේරෙන්න කඳ සුරිඳුගෙ පිහිට පතන්න

මුහුද අඩක්‌ ගොඩ ගැලීමෙන් පසු ඊට දෙවනි නොවන මහා ලෝක විනාශයක්‌ 2012 දී ඇතිවේයයි අද දස දෙසින් අපේ කන්වලට ඇතුළු වන කසුකුසුවකි. එවන් විපතක්‌ රටටත් රට වැසියන් වන අප සැමටත් සිදුවීමට පෙරනිමිති ඇත්නම් අපි අද සිටම ගවමස්‌, ගෙරිමස්‌ නොකා, සොරකම්, මංකොල්ල 

කෑම් ආදියෙන් තොරව සුරා, සූදුවෙන්, ස්‌ත්‍රී දුෂණ, ළමා අපචාරයන්, බොරුවෙන් තොරව ඉතා දැහැමිව බුදුන් වදාළ පංච ශීලය රකිමින් තුනුරුවන්ගේ පිහිට පතා ලෝ පාලන තිස්‌තුන් කෝටියක්‌ දෙවි, දේවතාවියන්ගේ පිහිට, ආරක්‍ෂාව, ආශීර්වාදය, රැක්‌ම පතමින් එයට මුහුණ දීමට තම ආගම මුල් කොට කටයුතුවල නිරත වෙමු. එවිට ඔබත් රටත් ආරක්‍ෂාවේ.

එවන් ඉරණමකට අප ගොදුරු නොවේවායි පතමු. පව් කාරයින්ද නොවෙමු. කෙසේ වෙතත් එවැනි අනාවැකි වල පල විපාකයන් සිදු වේදැයි නොවේදැයි හිතමින් කට ඇරගෙන බලා නොසිට, දේව ආරක්‍ෂාව පතමු. පෙර ඈත අතීතයේ විසූ මහා ගුප්තවිද්‍යා පඬිවරු සෘෂිවරු එවන් විපත් ඇතිවේයයි සිතා තම රටත්, වැසියනුත් ආරක්‍ෂා කර ගැනීමට එකල මහා තේජ බල ඇති කඳ සුරිඳුගේ පිහිට පතා ගැයූ ස්‌තෝත්‍ර, පාඨයන් හා ගී පද කීපයක්‌ මෙසේ එළිදක්‌වන්aනේ ඔබේ යහපත හා ආරක්‍ෂාව උදෙසාය.

පළමුව තෙරුවන් නැමද කරණීය මෙත්ත සූත්‍රය දේශනා කර මේ ගාථා ස්‌තෝත්‍රයන් හා ගී පැදි ගයන්න

කරුණා සීතල හදයං - පÆÆ පඡ්ජෝත විහත මොහතං සණරාමර ලෝක ගරුං - වන්දෙ සුගතං ගති විමුත්තං සග්ගෙ කාමෙච රූපෙ ගිරි සිකර තමේ වාංකලික්‌ඛෙවිමානෙ දී පෙරට ඨෙවගාමෙ තරුමත ගහනෙ ගෙහෙවත්ථුමහි ඛෙත්තෙ තුම්‍යාචයත්තු දේවා ජලඵල විසමෙ යක්‌ඛ ගන්ධබ්භ නාගා 

තිට්‌ඨන්තා සන්ති කෙදං මුණිවර වචනං සාධමෝමෙ සුගත්තු

දෙවනුව මෙය කියවන්න

උත්තමං නාමං - ෙත්‍රෙ ලෝක්‍ය තිලක සකල ෙඥයට සාගර පාරගතා ශෙෂ නෛක ගුණරත්න මන්දිරාය මානමු ජිනෙන්දොdත් තමම වුද සේඛමුණි අසේක මුණි, අනගාරික මුණි. අරහත්ත මුණි පච්චෙක මුණි යයි කියන ලද ෂට්‌විද මුනින්ට ඉන්ද්‍රමු හෙයින් අප තථාගත සම්‍යක්‌ සම්බුදු රජාණන් වහන්සේටද?

ධම්මා - සියලු සත්ත්වයන් කෙරෙහි හිතෛෂීව දේශනා කරන ලද මධු මද මුදිත ලලිත රතිකර මනෝහර කුර වික නාද නිර්විෂේශාග්ඨාංග සමුපේත මධුර ස්‌වරයෙන් දේශනාකර වදාරන ලද්දාවූ සූත්‍ර පිඨකය, අභි ධමීම පිඨකය විනය පිථකාදීන්ගේන් සකලාංග සම්පුණව ගැවසී ගත්තාවු සපර්යHdප්තික නව ලෝකෝත්තර ශ්‍රී ධර්ම රත්නයටද

සංඝ - විසුඬ සුබ ශීල මහා ගුණානුභාව සම්පන්නවූ සාරි පුත්‍ර මෞද්ගල්‍යා යනා නන්ද රාහුලාදී අෂ්ඨායර්ය පුද්ගල මහා සංඝ රත්නයට යන මෙම ත්‍රිවිධ රත්නයට අහං මම මේ මාගේ කාය වා ගේ මනඃ යන ද්වාරත්‍රයෙන් ශ්‍රීර්ෂ ප්‍රණාමයෙන් නමස්‌කාර වේවාෘ

තුන්වෙනිවර 

කතරගම කිරි වෙහෙර අසල හෝ නැතිනම් තම ගමේ වෙහෙර වටා පහන් දල්වා කිරි වෙහෙරයයි හිතා මේ පාඨය කියවන්න.

සකලෙඥයH මණ්‌ඩලය කර තලා පලකයක්‌aසේ ස්‌වයම්භූ ඥනයෙන් අවබෝධකර වදාළවූ අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කැලණියේ මණිඅක්‌ත නා රජුගේ ආරාධනාවෙන් තුන්වැනිවර කැලණියට වැඩම කළ තැනේදී දක්‍ෂිණ ලංකාවේ කතරගම නම් වූ පෙදෙසටද වැඩම කොට එකල කතරගම් පුර ප්‍රදේශාධිපත්ව විසූ මහාසේන නම් රජුගේ උයනේ කිහිරි රුක්‌ සෙවණේහි මොහතක්‌ සමවත් සුවයෙන් වැඩ විසූ සේක්‌ද?

ඒ ශුද්ධ භූමියේහි මහා නාග නම් රජුත් යම් චෛත්‍යයක්‌ කරවන ලදද ඉන්පසු කාවන්තිස්‌ස දුටු ගැමුණු මහා විජයබාහු ආදී නර නාථයන් විසින් දියුණු කරවන ලදද කිහිරි ගස්‌වලින් යුත් උයනෙහි කරවන ලද හෙයින් කිරි වෙහෙර නම් වූ මේ උත්තම චෛත්‍ය රාජයා තුල නිධන් ගතව පවත්නා තථාගත ශ්‍රී ශාරීරික ධාතුන් වහන්සේ මම අත්‍යාදර ගෞරව සහිතව නමස්‌කාර කරමි.

මුනින්දොd නිසින් නො යහි දේවතානං

සමේතාන මග්ගං සුවෙථස්‌සි ධම්මං

මහා සේන දේවස්‌ස සම්මාන නීයං

නමෙ කාවරග්ගාම ථුපස්‌ස ඨානං

සම්වන් සුවෙන් මුණි - කිහිරි සෙවෙනෙහි වැඩ හිඳ 

මහසෙන්දෙවි ඇතුළු පිරිසට දම් දෙසූ තැන

වැඩ හිඳ මුනිඳු කෙහෙදා නිදහන් කොට කළ

කිරිවෙහෙර වැඳ වඳිමි සිරිසින් මහත් බැතියෙන්

සාධු....සාධු........ සාධු......!

සවන උවන දොළසක්‌ සක්‌දරා රොන් ලෙසින් දිස්‌ සොබන හරණ කොත්තා මුද්රා ඛෝප අවිගත් 

නැගුන මයුර ආසනේ බන්ධවා කේලි සැවුලෙක්‌

ගුවන රිවි ලෙසින් දිස්‌වා දෙවා සෙත කන්ද සුරානේ

පුර කදිර දෙවින්දා පෑවුවාසේ දිනින්දා

නැගිරන සීකි බින්දා මිණි භරණ ගෙල පලන්දා

සර රුපු ලුහු බන්දා තෑ තෙදින් ලෝ පසින්දා

දෙව් කදිර සුරින්ද දිවස්‌ලා රතු මැතින්දා



සාන්තියදී සතට සේවී කාන්තිමත් මයුර සාමී

සාන්පති බඹ සිරින් පේමි සුගත ශාසන රත්ත දැහැමි

පාත සිතවී කන්දස්‌වාමි ඔබෙ නිස්‌ රැස්‌ ගුගුල නාමී

ඕං සරවන භව සරාමි ඕං සරවන භව සරා මි



දම් වඩවන භූමි සුරාමි සාන්තිය දෙන අඹර සා මි

චාන්දන දුම් සුවඳ කාමී මයුර වාහන දරන පේ මී

ඝාන්ථා නාදයෙන් පුදමි ස්‌වර්ණ සූරපති ගුණගයා මී

ඕං සරවණ භව සරාමි ඕං සරවණ භව සරා මී



පාන්කර ලෝ දිනි සුරමී භක්‌ති වතුනගෙ සෙතවනා මි

කාන්ති මත කන්ද ස්‌වාමි ලෝක කුමර සා මි

ශාන්තිය සෙත පතා ආමී ඔබේ තිය සයේ ගඟ සරා මි

ඕං සරවන භව සරාමි ඕං සරවන බව සරා මි



සාන්තිනා සසුන සමගා ලෝ සසුන් නිති රකිනපව ගා

කාන්තිමත් කොකුම් පැහැ සවන පුරපති තුමනිදිස ගා

ශාන්තිය සෙත පතා ගුණ ගායනා කරණා ගැතිව මෙර ගා

පාන්කල මැන සැපත මෙම හා ඕං මුරුගා ඕං මුරු ගා



අපරාජිතව මුළු තුන්ලොව එකලු කර

මයුරාසනය මත වැජඹෙන කදිර පුර

රුචිරාරණා සයේ අත්සක ඇතිව මුර

සුර රාජයාණෙනි මට දෙනු කදිර වර



මයුරාසනය ළඟ පිදවිලි සඳන්නෙ මි

උතුරා නැගෙන හද පෙම්මල් පුදන්නෙ මි

සුර රාජයාගේ සිරිපද සිඹින්නෙ මි

කදිරා වරම මම ඔබගෙන් යදින්නෙ මි



දන්නෙමි පෙර සිටම ඔබෙතෙද බල තරම

තුන් ලෝ තිලක දැන් සිරිපද වැඳ පෙරම

දන්වා සිsටින වගනම් සුරිඳුනි පරම

දැන් මෙතෙනෙහිම මට දෙන් කදිරා වරම



නින්දිත දැරුපුන් හිස්‌ සිඳ හෙලන් නට

සම්බුදු සසුන රට විපතින් මුදන් නට

සිංහල බස කිරුළු පළ¹ තබන් නට

පෙම් බර සුරිඳු කදිරාවර දෙවන් මට



ඉතිර පැතිර යන ජය දැක සිනහ සෙමි

මිහිර සමග ඉටු දෙව්දුව වැළඳ ගමි

කතර ගමේ සුරිඳුගෙ පද පහස හිමි

කදිරා වරම ලැබ මම ජය බිමට යමි



පිරිසිදු විමල් යස දද සිරි බැබ ලේවා

හරි මග පෙනී යන එන තැන ජය වේවා

පිරිවර බව බෝග සැපතින් සපි රේවා

සිරිමත් බරත පිහිටෙන් කිරි ඉති රේවා


මෙය දින 21 ක්‌ නොකඩවා ගැයීමෙන් ඔබට කතරගම දිව්‍ය රාජයාගේ අවතාරය දැක ගැනීම හැකි වන අතර ආකර්ෂණය ලැබී මුළු ලොවටම සිදුවිය හැකි විපතකින් මිදී ඔබට සහනය ආරක්‍ෂාව සැළසේ.

ගුප්ත විද්‍යාවේදී
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ News lanka Magazine