හිටපු ජනපති අද අනුරපුර, පොළොන්නරුව, කෑගල්ල  සන්ධාන නියෝජිතයින් හමුවේ

හිටපු ජනපති අද අනුරපුර, පොළොන්නරුව, කෑගල්ල සන්ධාන නියෝජිතයින් හමුවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අද (19 දා) දිනයේදී අනුරාධපුර, පොළොන්නරුව හා කෑගල්ල දිස්‌ත්‍රික්‌කවල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් හමුවීමට නියමිතය.මෙම හමුව නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථාන පරිශ්‍රයේදී පැවැත්වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‌ෂ මහතාට සහයෝගය ලබාදුන් එම මහජන නියෝජිතයන්ට ස්‌තුතිය පළකිරීම සඳහා මෙම සුහද හමුව සංවිධානය කර තිබේ.

පෙරේදා (17 දා) ඒ මහතා බස්‌නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ හා කළුතර දිස්‌ත්‍රික්‌කවල සන්ධානයේ පළාත් පාලන ආයතන මහජන නියෝජිතයන් හමුවූ අතර ඊට දිස්‌ත්‍රික්‌ක තුනේ සන්ධානයේ පළාත් පාලන ආයතන නියෝජනය කරන මහජන නියෝජිතයන් 528 දෙනාගෙන් 409 දෙනෙක්‌ සහභාගි වූහ.

ගම්පහ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන එම පළාත් පාලන ආයතන නියෝජිතයන් 223 දෙනාගෙන් 173 දෙනකුත් කළුතර දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන 152 දෙදෙනාගෙන් 141 දෙනෙක්‌ද කොළඹ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන 137 දෙනාගෙන් 97 දෙනෙක්‌ පැමිණි තිබේ.

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us