ලොව පවතින්නේ නැකැත් අනුවදර!

දරුවකු උපන් විට, දරුවාගේ කේන්දරය සකසා ගැනීමත්, අකුරු කියවීම, විවාහය, නිවසකට මුල්ගල තැබීම යනාදී කටයුතුවලදී, ඒ සඳහා සුබ නැකතක්‌ සෙවීමත්, කොයිකාගේත් පුරුද්දය. නැකත් ගැන හෝ ලග්න ගැන හෝ පලාපල ගැන හෝ ග්‍රහයන් ගැන හෝ මතක්‌ වන විට, සිහියට නැගෙන ශාස්‌ත්‍රය, ජ්‍යෙතිෂ ශාස්‌ත්‍රයයි. සභ්‍යත්වයෙන් ඉහළම ස්‌ථානයකට මිනිස්‌ සංහතිය ළඟා වූයේ, ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේ අනුබලයෙනැයි කියන්න බැරිකමක්‌ නැති තරම්ය.

මුලින්ම, ගල් යුගයේ ජීවත් වූ මිනිසා, දෙවනුව, දඩයම් යුගයටත්, තෙවනුව, ගොවි යුගයටත් පිය තැබීය.

අව්ව, වැස්‌ස යන දෙකම ගොවිතැනට අවශ්‍ය වන නිසා, ගොවි යුගය ආරම්භයේදීම වාගේ මිනිසා හිරු, සඳු ආදී ආකාශ වස්‌තූන් පිළිබඳව අවධානය යොමු කරන්න පටන් ගත්තේය. සෘතු භේදය හෙළිපෙහෙළි කෙරෙන දින දර්ශනය සකස්‌ කර ගැනුණේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙනි. කාලය ගතවත්ම, අත්දැකීම් සම්භාරයක්‌ ලබා ගන්නට හැකි වූ අතර මිනිසාද ඇතුළු සමස්‌ත ලෝකයේ හැම රහසක්‌ම වාගේ හෙළි කරගත හැකි ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රය සොයා ගැනුණේ ඒ අනුවය.

මිනිසාත්, සතා සී පාවා මෙන්ම ගහකොළත් ජීව ලෝකයට ඇතුළත් වන අතර සමස්‌ත ජීව ලෝකය රඳා පවතින්නේ, ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධාන ග්‍රහයා වන සූර්යයාගේ බලපෑම මතය.

ග්‍රහ මණ්‌ඩලය මධ්‍යයේ සූර්යයා පිහිටි අතර සඳු, බුධ, ගුරු ආදී සෙසු ග්‍රහයන් පිහිටා ඇත්තේ එය වටාය. සූර්යයාගෙන් විකිරණය වන ශක්‌තීන්, සෙසු ග්‍රහලෝකද ඇතුළු ආකාශ වස්‌තූන් කරා ඇදී එන්නේ ඉබේමය.

හිරු, සඳු ආදී ග්‍රහයන් සහිත සෞරග්‍රහ මණ්‌ඩලයත්, මිනිසාත් අතර පවත්නා සම්බන්ධතාව සම්බන්ධයෙන් තොරතුරු සොයාගන්න මිනිසා පටන් ගත්තේ, මීට සියවස්‌ ගණනාවකට පෙර, ගොවි යුගයේ ආරම්භයේදීය. ඉන්දියාව, මිසරය, බැබිලෝනියාව හා ග්‍රීසිය යන රටවල ජනයා, එහිදී මුල් තැනක්‌ ගෙන කටයුතු කළහ. ග්‍රහ වස්‌තූන් පිළිබඳ ඔවුන්ට සොයා ගත හැකි වූ විවිධ කරුණු කාරණා, සෙස්‌සන් අතර ද ප්‍රචලිතව ගිය අතර විවිධ මතිමතාන්තර, සිද්ධාන්තද සහිතව ක්‍රමක්‍රමයෙන් එම ශාස්‌ත්‍රය ලෝ පුරා ප්‍රචාරය විය.

විමල් වීරසේකර
දිවයින පුවත්පත
News lanka Magazine Advertisement

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us