ඔබ කළු හා සුදු පාට තක්කාලි දැක තිබෙනවාද?

ඔබ කළු හා සුදු පාට තක්කාලි දැක තිබෙනවාද?

සාමාන්‍යයෙන් තක්කාලි රතු පැහැ වුණත් ඊට වඩා මුළුමනින්ම වෙනස් වර්ණ දෙකකින් යුතු තක්කාලි විශේෂ දෙකක් එකවර ලබා දෙන ගසක් නිර්මාණය කිරීමට බ්‍රිතාන්‍ය ජාතික උද්භිද විද්‍යාඥයින්   පිරිසක් සමත්ව තිබේ. නව ශාක ප්‍රභේද නිර්මාණය කිරීම සම්බන්ධයෙන්  ප්‍රසිද්ධියක් උසුලන සට්න් සිඩ්ස් නමැති උද්භිද විද්‍යායතනයේ විද්‍යාඥයින් මීට පෙර වාර්තාවක්  පිහිටුවූයේ ඉන්ඩිගෝ රෝස් නමින් හැඳින්වෙන ලොව පළමු කළු පැහැ තක්කාලි  ප්‍රභේදය නිර්මාණය කරමිනි. මෙවර සිය නවතම සොයා ගැනීම ඔවුන් සිදු කර ඇත්තේ ඉතා විරල තක්කාලි ප්‍රභේද ලෙස සැලකෙන ඉන්ඩිගෝ රෝස් ප්‍රභේදය හා සුදු පැහැ චෙරි තක්කාලි විශේෂයක් එකිනෙක හා මුහුන් කිරීමෙන් ලොව ප්‍රථම වරට කළු හා සුදු තක්කාලි ගෙඩි පීදෙන ගසක් නිර්මාණය කරමිනි.

එකක් බ්‍රිතාන්‍ය පවුම් 12.99ක් බැගින් වූ  මුදලකට අලෙවි කෙරෙන මෙම දෙමුහුන් තක්කාලි පැළ වගා කිරීමට සුදුසුම කාලය ලෙස සැලකෙන්නේ මැයි මාසයයි. එවිට පළමු පලදාව ජූලි හා ඔක්තෝබර් අතර කාලයේදී ලබා ගැනීමට හැක. කළුවට හුරු තද පැහැ තක්කාලි විශේෂ ගණනාවක් තිබුණද ලොව ප්‍රථම සැබෑම කළු පැහැති තක්කාලි ප්‍රභේදය ලෙස සැලකෙන ඉන්ඩිගෝ රෝස් තක්කාලි මඳක් දැවිල්ල රසයකින් යුතු වන අතර ක්‍රීම් ස්වභාවයකින් යුතු සුදු පැහැ චෙරි තක්කාලි වර්ගය දිව පිනවන පැණි රසකින් යුක්තය.
කෙසේ වුවද මේ දෙවර්ගය අතරින් ‍පෝෂණ ගුණයෙන් වඩාත් අනූන විශේෂය වන්නේ ඉන්ඩිගෝ රෝස්ය. ඒ එය දියවැඩියාව හා තරබාරුවට එරෙහිව  සටන් කරන ඇන්ටිඔක්සිඩන්ට් වර්ගයක් වන ඇන්තොසයනින් බහුලව අඩංගු වන දම් පැහැ තක්කාලි ප්‍රභේදයක් ඇසුරින් නිපදවා ගන්නා ලද්දක් නිසයි. ළපටි අවධියේදී සෙසු තක්කාලි විශේෂ මෙන් කොළ  පැහැයෙන් දිස් වන ඉන්ඩිගෝ රෝස් හොඳින්  වැඩුණු පසු කළු පැහැයට හැරෙන්නේ හිරු එළිය ඒ මත පතිත වීමත් සමග බව කියැවේ.

ප්‍රියන්ති රුද්‍රිගු
ලක්බිම පුවත්පත

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us