ගිනිගත් බිමට සිසිලස බෙදන ඉරණමඩු

යු ද ගිනිදැල් නිවී ගියද මේ දිනවල උතුරුකරයේ මහ පොළොව කාෂ්ඨකයෙන් හොඳටෝමත් දැවේග කිළිනොච්චි නගරයට ඉහළින් සැඳෑ හිරු රැස්‌ අහසේ සැඟවෙන්නට තවත් හෝරාවක්‌ දෙකක්‌වත් නැති තරම්යග උතුරු රූ සැරියේ තවත් දිනයක්‌ නිමා කරමින් අපි කිළිනොච්චි නගරයට සැතපුම් 2-3 ක්‌ දකුණින් මුලතිව් දෙසට වැටී ඇති මගට පිවිසුනේ ඉරණමඩු ජලාශය බලා යනු රිසියෙනිග මංසන්ධියේදීම තරුණ හමුදා නිලධාරියාගෙන් අපට ලැබුණේ උණුසුම් පිළිගැනීමකිග අපි පිම්මේ ඉරණමඩු බලා පිටත්ව ගියෙමුග තවත් කිලෝ මීටර් දෙකකදී පමණ ඒ දැවැන්ත ජලාශය අපට මුණ ගැසේග ඉරණමඩු තරම් ප්‍රකට වූ ස්‌ථානයක්‌ ත්‍රස්‌තවාදීන් රජ කළ යුගයේදී කිළිනොච්චියේ තවත් නැති තරම්යග ඒ හේතූන් දෙකක්‌ නිසායග එකක්‌ ඉරණමඩු ජලාශයයිග අනෙක මෙහි පැවැති එල්ටීටීඊ සංවිධානයේ ගුවන් පථයයි.

ඉරණමඩු ජලාශය මුලතිව්ල කිළිනොච්චි සහ යාපනය දිස්‌ත්‍රික්‌ තුනට ඇති විශාලතම ජලාශය වේග මෙමගින් මෙම දිස්‌ත්‍රික්‌ක තුනේ බොහෝ කෙත්වතු වගා බිම් සරුවන අතර ජනතාවගේ මෙන්ම ගවයින් ඇතුළු වන සතුන්ගේද සා පිපාසාව සන්සිඳුවාලයිග යාපනය අර්ධද්වීපයේ වත්මන් ජල ගැටලුවට පිළියම් වශයෙන් ඉරණමඩු ජලාශයේ ජලය ගෙන යැමටද දැන් සැලසුම් සකස්‌ වී ඇතග මෙහි වපසරිය අක්‌කර අඩි 82000 කට වඩා වැඩියග 1902 දී ආරම්භව 1922 නිමකළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාරි මාර්ග යෝජනා ක්‍රමයක්‌ වන මෙයට ජලය ලැබෙන්නේ කනගරායන්ආරු මගිනිග

කෙසේ හෝ මේ මහා සම්පත වසර 30 ක්‌ තිස්‌සේ තිබුණේ රුදුරු එල්ටීටීඊ ත්‍රස්‌ත ග්‍රහණයට නතුවයග උන්ගේ උවමනා එපාකම් සඳහා මෙන්ම උන්ට වුවමනා විදිහටත් පාලනය කෙරුණු මේ මහා ජලාශය වටා පිහිටි වනගහනය (ජල පෝෂක ප්‍රදේශය) එල්ටීටීඊය බහුලව යොදාගනු ලැබුවේද ත්‍රස්‌ත කටයුතු සඳහායග මෙහි ඔවුන්ගේ වනගත කඳවුරු රැසක්‌ වියග එසේම කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කළ එල්ටීටීඊ සැහැල්ලු ගුවන් යානා බොහොමයක්‌ ගුවන්ගත කළේද මෙම ඉරණමඩු සිටයග ඒ සඳහා ඔවුන් ගුවන් පථයක්‌ එහි කළේයග අවස්‌ථා ගණනාවකදීම මෙම ගුවන් පථය අපගේ ප්‍රහාරක යානා මගින් විනාශ කළ අයුරු අපට මතකයග එනිසා නොයෙක්‌ වර ඉරණමඩු අපට අමතක නොවුණු ස්‌ථානයක්‌ බවට පත්වියග

තවත් සුවිශේෂ සිදුවීමක්‌ මේ ඉරණමඩුවේදී සිදුවූ බව ඔබට මතකදරෑ එනම් එල්ටීටීඊයේ න්‍යායාචාර්යවරයා යෑයි හඳුන්වාගත් ඇන්ටන් බාලසිංහම් නමැත්තා සහ ඔහුගේ බිරිය ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් සී-ප්ලේන් වර්ගයේ ගුවන් යානයකින් කිළිනොච්චියට පැමිණියේ මේ ඉරණමඩු වැවට එම ගුවන් යානාව ගොඩබස්‌සවමිනිග එහිදී වැව පසෙක තිබූ වනගත කඳවුරකට වී එල්ටීටීඊ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් ඔල්වරසන් දුන් අයුරුද අපට සිහිපත් වේග එහෙත් ඒ සියලු ඊළාම් සිහින දැන් බොඳව ගොසිනිග අපගේ වීරෝදාර හමුදාවෝ ඊළමේ සිහින අග නගරය වූ කිළිනොච්චිය මුදාගනු ලැබුවේ මේ විශිෂ්ට වාරි වික්‍රමයල ඉරණමඩු ජලාශයද නැවත ජාතියට අත්පත් කර දෙමිනිග ඉරණමඩු ගුවන් පථයට අපට යන්නට අවසර නොලැබුණත් උතුරු රූ සැරියේදී මෙසේ අපට ඉරණමඩු ජලාශ වේල්ලට නැඟ ඒ වාරි වික්‍රමයේ මෙන්ම ත්‍රස්‌තවාදීන්ගෙන් රට ගලවා ගැනීමේ අභිමානයද එකසේ විඳින්නට හැකිවියග එදා ත්‍රස්‌ත රජ දහනක්‌ වූ ඉරණමඩුල අද අපගේම යුද සෙබළුන් විසින් සුරක්‍ෂිත කරන උතුරේ මෙන්ම දකුණේ ජනතාවගේද පා පහස ලබන සෞන්දර්යයේ නිකේතනයක්‌ බවට පත්වීම කෙතරම් නම් අගනේදරෑ පටු ජලාශ සොරොව්ව මතට පෙනෙන ඉරණමඩුවේ ජල කඳත්ල වනාන්තර වියනත්ල ජලජ කුරුල්ලන්ගෙන් හැඩ වැඩ වුණු වට පිටාවකින් දිය රළ කපාගෙන හමන සුළඟත් ,වීරයන්ගේ ඒ යශෝ ගීතයක්‌, බව පවසනවා නොවේදැයි මට හැඟේග

ඒ වන විටත් ඉරණමඩුවේ සුන්දරත්වය විඳින්නට පැමිණි පිරිසෙන් එහි අඩුවක්‌ නොවීයග බොහෝ දෙනකු යළි මෙතැනින් නික්‌මුණේ මතක හිටින සේ මේ ජල කඳේ සිහිලැල්ලෙන් තම ගත දොවාගෙනයග මේ සොබා සෞන්දර්යයෙන් මත් වූ අපද කිළිනොච්චියෙන් දිය පොදක්‌ ගත දවටාගනු පිණිස ඉරණමඩුවේම පසෙක වූ වැව් තාවුල්ලට ඇදුණෙමුග එතැනට එල්ටීටීඊය වෙනුවෙන් නිම වූ මහා ගොඩනැඟිලි කිහිපයක්‌ද පෙනේග එල්ටීටීඊ නායකයකුව සිටි තමිල් සෙල්වම් නමැත්තා නිතර ආ ගිය දෙමහල් ශාලාවක්‌ද මේ වැව් තෙර අසලයග වැවේ සැඟව ගිය වන වදුලක ත්‍රස්‌තවාදීන්ගේ අවශ්‍යතාව මත ඉදිවූ (පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල යෑයි පවසන) තවත් ගොඩනැගිල්ලක වහලයද තුරු වදුල අතරින් පෙනේග අපි මේ සිසිල් දියට බැස හිරු සැඟව යන තුරා දිය කෙළියේ යෙදුනෙමුග අප පමණක්‌ නොව දකුණින් උතුරට නෑගම් ගිය තවත් මිතුරෝල දරු පවුල්ල කොලු කුරුට්‌ටෝ රැසක්‌ ඇඳිරි වැටෙන තුරු ඉරණමඩුවේ මෙසේ දිය කෙලියේල දැන් නම් අබමල් රේණුවක තරම් බයක්‌ල සැක සංකාවක්‌ හිතේ නැතිබව පසක්‌ කරමිනිග එහෙත් මීට වසරකට පෙර මේ නම් මහා ගිනි ගොඩකිග ගිනි ඇවිලුණු බිමකිග රොකට්‌ල මෝටාර් වෙඩිල කාලතුවක්‌කු පමණක්‌ නොව ගුවන් ප්‍රහාරවලින්ද ගිඟුම් දුන් බිමකිග එහෙත් වෙඩි හඬ මෙහි තුරන්ව බොහෝ කල් බව වැව් දියේ සරණ සියොතුන් අපට කියයිග සැබැවින්ම මේ නිදහස්‌ බිම උරුමකරදුන් සැමට ස්‌තුති වේවාග අඳුරු දිය මත සිට මම ප්‍රාර්ථනය කළෙමිග

මේ මහා සම්පත වසර 30 ක්‌ තිස්‌සේ තිබුණේ රුදුරු එල්ටීටීඊ ත්‍රස්‌ත ග්‍රහණයට නතුවයග උන්ගේ උවමනා එපාකම් සඳහා මෙන්ම උන්ට වුවමනා විදිහටත් පාලනය කෙරුණු මේ මහා ජලාශය වටා පිහිටි වනගහනය (ජල පෝෂක ප්‍රදේශය) එල්ටීටීඊය බහුලව යොදාගනු ලැබුවේද ත්‍රස්‌ත කටයුතු සඳහායග මෙහි ඔවුන්ගේ වනගත කඳවුරු රැසක්‌ වියග එසේම කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිත කළ එල්ටීටීඊ සැහැල්ලු ගුවන් යානා බොහොමයක්‌ ගුවන්ගත කළේද මෙම ඉරණමඩු සිටයග ඒ සඳහා ඔවුන් ගුවන් පථයක්‌ එහි කළේයග අවස්‌ථා ගණනාවකදීම මෙම ගුවන් පථය හමුදා ප්‍රහාරක යානා මගින් විනාශ කළ අයුරු අපට මතකයග එනිසා නොයෙක්‌ වර ඉරණමඩු අපට අමතක නොවුණු ස්‌ථානයක්‌ බවට පත්වියග

සටහන සහ ඡායාරූප
ජගත් කණහැරආරච්චි : දිවයින

Post a Comment

0 Comments