මංගල උළුවස්‌ස තැබීමට "ද්වාර චක්‍රය"

ශ්‍රී කාලිදාසයන්ගේ "උත්තර කාලාමෘතය" ජ්‍යෙdතිෂ ග්‍රන්ථයේ වාස්‌තු විද්‍යාව පිළිබඳව කරුණු රැසක්‌ සඳහන් වන අතර, මෙහි පහත විස්‌තර කෙරෙන "ද්වාර චක්‍රය" උපුටා ගත්තේ ද එම සම්භාවනීය ජ්‍යෙdතිෂ ග්‍රන්ථයෙනි.

මංගල උළුවස්‌ස

අතීතයේ සිට නිවසක මංගල උළුවස්‌ස සලකනු ලැබුවේ නිවසට සෞභාග්‍ය ඇතුළු වන ප්‍රධාන දොරටුව ලෙසය. ඒ නිසා මංගල දොරටුව පිහිටුවීම ඉතා කල්පනාවෙන් යුක්‌තව කළ යුතුයි. ඕනෑම නිවසක මංගල දොරටුව පිහිට විය යුත්තේ නිවසේ ඉදිරිපසය.

ක්‍රි.මු. පද්ධතිය

මංගල දොරටුව නිවසට ආශිර්වාදයක්‌ වන්නට නම් එය මෙසේ පිහිටු විය යුතු යෑයි ක්‍රි.මු. පද්ධතියට අයත් EභCශCඛධඡෑDෂ් ධF ASඔRධඛධඨශ ග්‍රන්ථාවලියේ වාස්‌තු විද්‍යාව පිළිබඳව එන සටහන්වල සඳහන්වේ.

නිවසේ ඉදිaරිපස බිත්තිය කොටස්‌ 09 කට බෙදිය යුතුයි. ඉන් පසු ගෙට පිටුපා සිටගෙන තමාගේ දකුණු අත පැත්තේ සිට ගණින විට අංක 05 සහ 06 යන කොටස්‌වලට හසුවන සේ මංගල උළුවස්‌ස තැබිය යුතුය. සටහන බලන්න.

එම කොටස්‌ 02 අයත් වන්නේ බ්‍රහස්‌පති සහ සිකුරු යන ශුභ ග්‍රහයන් දෙදෙනාටය.

විසි දෙවන දෙර්කාණාධිපති

නමුත් බ්‍රහස්‌පති සහ සිකුරු ග්‍රහයා ඡන්ම කේන්ද්‍රයේ බාධක හෝ විසිදෙවන දෙර්කාණාධිපතියා වූ විට මංගල දොරටුව විපත් ඇති කරයි.

එබඳු අවස්‌ථාවල රවිට හෝ සඳුට අයත් කොටස්‌වල මංගල දොරටුව පිහිටු විය හැකිය. නමුත් එම ග්‍රහයන් ඡන්ම කේන්ද්‍රයේ ශුභ තත්ත්වයෙන් සිටිය යුතුය. එසේම එම ග්‍රහයන් එම ඡන්ම කේන්ද්‍රයට ශුභ ග්‍රහයන් විය යුතුය.

ශුභ ලග්න

මංගල උළුවස්‌ස තැබීමට වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න ශුභය.නමුත් ලග්නය සහ ගල්නාධිපති ශුභ විය යුතුය.

ශුභ නැකැත්

අස්‌විද, රෙහෙන, මුවසිරස, පුනාවස, පූස, මා, හත, සිත, සා, අනුර, දෙට, මුල, සුවණ, දෙනට, සියාවස, රේවතී, තුනතුරු නැකැත් ශුභය. නමුත් පාපයන් නොසිටින නැකතක්‌ විය යුතුය.

ශුභ තීර්ථ

පුරපස දෙක, තුන, පහ, හත, දහය, එකොළහ, දොළහ, දහතුන යන තීර්ථ ශුභය.

ශුභ දින සහ ශුභ හෝරා සූක්‍ෂම හෝරා තෝරා ගත යුතුය.

කෝණ මාස

රවි ග්‍රහයා මිථුන, කන්‍යා, ධනු, මීන යන ලග්න රාශිවල ගමන් කරන කාලවල මංගල උළුවස්‌ස පිහිටුවීම ඉතා අශුභය.

ජන්ම නැකැත

මංගල උළුවස්‌ස පිහිටුවීමේ දී උත්පත්ති කේන්ද්‍රයේ ජන්ම නැකැතට සම්පත්, ක්‍ෂේම, සාධක, මෛත්‍රී, පරම මෛත්‍රී නැකැතක්‌ තෝරාගත යුතුය. නමුත් මෛත්‍රී නැකැත අශුභ යෑයි සමහරු කියති. එසේම පරම මෛත්‍රී නැකැත තෝරාගැනීමේ දී ජන්ම නැකැත පිහිටි රාශියෙන් දොළොස්‌ වන රාශියට පරම මෛත්‍රී නැකැත වැටුනහොත් එය ඉතා අශුභය.

බ්‍රහ්ම මුහුර්ථය

ඉර පායන්නට සිංහල පැය 06 ක්‌ තිබියදී උදාවන බ්‍රහ්ම මුහුර්ථය උළුවහු පිහිටුවීමටත්, උළුවහු පැනීමටත් ඉතා විශිෂ්ට බව පොත පතේ සඳහන්වේ.

උළුවස්‌ස පැනීම

නව නිවසට තබන උළුවස්‌ස ගෘහ හිමියා විසින් පළමුව පනින ලැබුවහොත් ඔහු උමතු තත්ත්වයකට පත්වීම හෝ ඔහු නිවස අතහැර යැම සිදුවේ.

ජ්‍යෙdතිර්වේදී - වාස්‌තු විද්‍යාවේදී වසන්ත කුරුප්පු
දිවයින පුවත්පත

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us