පෘථිවියට වෙන් වූ ධජයේ කතාව

පෘථිවියට වෙන් වූ ධජයේ කතාව

රටක අනන්‍යතාවය ලොවට කියාපෑමට යොදාගන්නේ ජාතික ධජයයි. රටක ජාතික ධජය එරටෙහි ස්වාධීනත්වය පෙන්වා දේ. සෑම රටකට මෙන්ම පෘථිවියට ද ධජයක් ඇති බව ඔබ දන්නවා ද ? පෘථිවි ධජය නිර්මාණය කරන ලද්දේ ජෝන් මැක්කොනල් විසිනි. 1969 වර්ෂයේ ලෝක මිහිකත දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී මෙය එළිදැක්විණි.

මැක්කොනල් විසින් ප්‍රථමයෙන් නිර්මාණය කළ පෘථිවිය ධජයේ නිල් පසුබිමක් තුළ මුහුද නිල් පැහැයෙන්ද, ‍පොළොව දුඹුරු පැහැයෙන්ද, වලාකුළු සුදු පැහැයෙන්ද චිත්‍රණය කර තිබුණි. පසුව පෘථිවියේ සජීවී ඡායාරූපයක් නාසා ආයතනයෙන් ලබා ගත් මැක්කොනල් නවමු ආකාරයකින් පෘථිවි ධජය නිර්මාණය කළේය. නිල් පැහැති පසුබිමක් තුළ පෘථිවියේ සජීවී ඡායාරූපයක් මෙමගින් දිස්වේ. ලෝක මිහිකත දිනයේදීත්, ගෝලීය වශයෙන් සමරන්නා වූ විවිධ උත්සව සඳහාත් වර්තමානයේ මෙම පෘථිවි ධජය යොදා ගනී.

හසිත දර්ශන
ලක්බිම පුවත්පත

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us