රයිනෝසිරස් වනාන්තරයේ දැවැන්තයෙකුගේ කතාව

රයිනෝසිරස් වනාන්තරයේ දැවැන්තයෙකුගේ කතාව

සුමාත්‍රා කඟවේනුන් හෙවත් රයිනෝසිරස් සිවුපාවුන්ගේ ජීව විද්‍යාත්මක නාමය ඩයිසිරොරිහිනස් සුමාත්‍රන්සිස්  ය.මෙම කඟවේනුන්ගේ වාසභූමිය වන්නේ අග්නිදිග ආසියාවේ සුමාත්‍රා දිවයින, මලයා අර්ධද්වීපය හා බෝර්නියොවේ උතුර දිග නිවර්තන වනාන්තරයි. මොවුන් ඝන වනාන්තරය තුළ හුදෙකලාව සැඟවී, උස් හා පහත් බිම්හි වෙනසක් නොමැතිව ආහාර සොයමින් යයි. ඉතාම දුර්ලභ, වඳවීමට ආසන්නව සිටින සත්ව වර්ගයකි. වර්ෂ 2005 ලබාගත් වාර්තාවලට අනුව දැනට මොවුන්ගේ මුළු ගහණය 300ක් පමණ වේයැයි සඳහන් වේ.

සාමාන්‍යයෙන් රයිනෝසිරස්ගේ ශරීරයේ දිග මීටර් 2-3 පමණ ද, උරහිස් මට්ටමේදී උස මීටර් 1-1.5 පමණ ද, බර කි.ග්‍රෑ.600-950 පමණ ද වන බව සඳහන් වේ.මේ සුමාත්‍රා කඟවේනාගේ විශේෂත්වය වන්නේ, ඔවුන්ගේ ඝන සමේ ලෝම දක්නට ලැබිමයි. දැනට වඳවී ගොස් ඇති, ලෝම කඟවේනුන්ගේ, අවසන් සත්ව ශේෂය ලෙස, මේ සුමාත්‍රානු කඟවේනුන් හඳුනා ගෙන ඇත. වර්තමානයේ, අප්‍රිකානු, ඉන්දියානු මහද්වීපවල දක්නට ලැබෙන කඟවේනුන්ගේ ශරීරයේ ලෝම දක්නට නැත. සුමාත්‍රා කඟවේනුන් මිනිසාට ළඟාවිය නොහැකි තරම් වන ඝන වනාන්තර තුළට වී හුදෙකලාව ආරක්ෂිතව සිටීමට පුරුදුව සිටියි. මේ කඟවේනුන්ගේ එකම සතුරා මිනිසාය. ඔවුන්ගේ ජීවිතයට තර්ජන කිරීමට කිසිදු වන සිවුපාවෙකු නැත.

මෙම සතුන්ගේ අඟ ඖෂධීය ගුණයකින් යුක්තය. සම්ප්‍රදායික ශාරීරික උත්තේජක ඖෂධ වර්ග සෑදීමට මේ සතුන්ගේ අඟ කුඩු කොට පාවිච්චියට ගනියි. චීනයෙන් මේ සඳහා විශාල ඉල්ලුමක් තිබෙන බව වාර්තා වෙයි. ඉතාම ඉහළ මිලක් ද එයට ලැබෙයි. මොවුන්ගේ අඟට ලැබෙන ඉහළ වාණිජ්‍යය වටිනාකම රයිනෝසිරස්ලා මෙලොවින් වඳ වී යෑමට හේතු වී ඇති එක් සාධකයකි.

කඟවේනුන්ගේ වන පරිසර විනාශ කිරීමත්, නීති විරෝධී දඩයමත් තවත් සාධක වෙයි. ඔවුන් අල්ලා අඟ පමණක් කපා ගන්නා ක්‍රමවේද පාවිච්චි කරන දඩයම්කරුවෝද සිටිති. අඩඪදධ පධබජබඪධද උදඪබ වැනි සංවිධාන මේ සතා ආරක්ෂා කරගැනීමට කටයුතු කරයි. එහෙත් එම කාර්යය පහසු නැත.

කේ. ඩබ්ලිව්. චන්ද්‍රරත්න
ලක්බිම පුවත්පත

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us