මොනවද මේ වල්ලපට්‌ටා


අප රටේ විදේශ විනිමය උපයන පැරණි අපනයන ද්‍රව්‍ය අතර තේ, රබර්, පොල්, කුරුදු, ගම්මිරිස්‌ සහ මැණික්‌වලට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි විය. වර්තමානය වන විට මෙම ද්‍රව්‍ය අභිබවමින් වනයෙන් උකහා ගන්නා ද්‍රව්‍ය ලෙස ගැනෙන කොතල හිඹුටු, සුදු හදුන්, වල්ලපට්‌ටා විශාල විදේශ විනිමයක්‌ උපයන ද්‍රව්‍ය බවට පත්ව ඇත. 

වල්ලපට්‌ටා ශාකයේ ජීව විද්‍යාත්මක ලක්‌ෂණ

මෙම ශාකයේ උද්භීද විද්‍යාත්මක නාමය Gyrinops wallaි ආකක්‌ ය. වල්ලා යන්න සිංහල භාෂාවෙන් මෙම ශාකය හැඳින්වීමට යොදාගත් නාමයයි. වල්ලපට්‌ටා ශාකය  Thymelaeaceae කුලයට අයත් වේ.  Gyrinops ඝනයට ශාක විශේෂ 8ක්‌ පමණ අයත්වේ. වල්ලපට්‌ටා ශාකය ශ්‍රී ලංකාවේ තෙත්කලාපීය හා අතරමැදි කලාපීය ප්‍රදේශවල බහුල වශයෙන් පැතිර පවතින අතර එම ප්‍රදේශයේ වනාන්තර තුළ යටි ස්‌ථරය තුළ විසිර පවතී. අපේ රටට අමතරව මෙම ශාකය ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු ප්‍රදේශවල සුළු වශයෙන් පැතිරී ඇත. 


Thymelaeaceae කුලයට අයත් ශාකවලට බාහිරව යම් ආපදාවකට ලක්‌වූ විට ක්‌ෂුද්‍ර ජීවී ආසාදනයන්ගෙන් ආරක්‌ෂාවීමට ද්වීතීක ස්‌වභාවික ආරක්‌ෂන උපක්‍රමයක්‌ (secondary
defensive mechanism) ලෙස ශාක කඳෙන් රෙසිනයක්‌ (Agarwood) නිෂ්පාදනය කරයි. මෙම කුලයේ ශාක ඝන අතර Aquilaria‌ ශාක ඝනය අගාවුඩ් නිෂ්පාදනයේ ප්‍රමුඛ ස්‌ථානයක්‌ හිමි කරගෙන ඇත. Gyrinops ඝනයේ ශාකද අගාවුඩ් නිෂ්පාදනය කරන නමුත් එක්‌ ශාකයක නිෂ්පාදනය කරන Agarwood  ප්‍රමාණය ගසේ බරට සාපේක්‌ෂව ඉතා සුළු බව අධ්‍යයන වාර්තා පෙන්වා දෙයි. 

වල්ලපට්‌ටා ශාකයේ රූප විද්‍යාත්මක ලක්‌ෂණ

ශාකයේ සාමාන්‍ය උස මීටර් 5-7ක්‌ පමණ වේ. එළිමහන් ස්‌ථාන වල හා වනාන්තර වල යටි ස්‌ථරයේ දැක ගත හැක. ගසේ පොත්ත කොළත් සමගම ගැලවී යාම ශාකයේ ප්‍රධාන ලක්‌ෂණයකි. ඒකාන්තර පත්‍ර වින්‍යාසයක්‌ දරන උප පත්‍ර රහිත ශාකයකි.එකලඟ පිහිටි පත්‍ර 2 ක්‌ අතර දුර සෙ.මී. 2.5 පමණ වේ. පත්‍ර තලය සෙ.මී 10-12 පමණ දිගකින් හා සෙ.මී. 5 ක්‌ පමණ පළලකින් යුක්‌ත වේ. පත්‍ර අග්‍රය තීව්‍ර ස්‌වභාවයක්‌ ගන්නා අතර පත්‍ර පාදය තරමක්‌ පළක්‌ ස්‌වභාවයක්‌ ගනී. ලපටි පත්‍ර කහ පැහැයක්‌ ගන්නා අතර පහතට නැවී ඇත. අන්වීක්‌ෂයකින් බැලූ විට ලපටි පත්‍ර වල මැද නාරටි දෙපස හා පත්‍ර දාරයේ සිහින් බූවක්‌ දැකිය හැකිය. පරිනත පත්‍ර තද කොල පැහැයක්‌ ගන්නා අකර දිලිසෙන ගතියක්‌ දරයි. පත්‍ර වෘන්තය මි.මී. 6 ක්‌ පමණ වන අතර එය සුළු කෝණයක්‌ සාදමින් කඳට සවි වේ. පත්‍ර දාරයතරමක්‌ රුළි ස්‌වභාවයක්‌ උසුලන අතර එය කඩතොලු වලින් තොර සිනිඳු ස්‌වභාවයක්‌ ගනී. මැද නාරටිය පැහැදිලිව දිස්‌වෙන මුත් නාරටි ඉතා ලංව හා සිහින්ව පත්‍ර තලයේ හරස්‌ අතට පිහිටයි. 

ශාකයේ මල් හට ගැනීම අප්‍රේල් සිට ජූලි දක්‌වා සිදුවන අතර මේ කාලයේදීම නොමේරූ ගෙඩිද දැකිය හැක. මල් හට ගන්නේ පුෂ්ප මංජරියකයි. ඒවා සුදු පැහැයට හුරු ලා කහ පැහැයක්‌ ගනී. පුෂ්ප මංජරියක මල් 6ක්‌ පමණ හට ගනී. පුෂ්පිකාව පෙති පහක්‌ පමණ දක්‌නට ලැබේ. පුෂ්ප හා ඵල හට ගැනීම එකම කාලසීමාවකදී දැකිය හැක. මල් හට ගැනීම අඩු වයසින් සිදු වන අතර අඩි 2-3 ක්‌ උස්‌ ගස්‌ වල පවා ඵල හට ගනී. එක්‌ කුඩා ගසක ඵල 20-30 ක්‌ ප්‍රමාණයක්‌ දැකිය හැක. 

උපුටාගැනීම - පර්යේෂණ පත්‍රිකා, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව 

වල්ලපට්‌ටා ශාකයේ භාවිතය

වල්ලපට්‌ටා ශාකය සඳහා මෑත කාලීනව අධික ඉල්ලුමක්‌ ඇතිවීමට හේතුව ශාකය මඟින් නිස්‌සාරණය කරනු ලබන රෙසිනමය රසායනික ද්‍රව්‍ය (Aට්‌රඅදදා) මඟින් නිෂ්පාදනය කරන සුවඳ විළවුන් හා ඹෘෂධ හේතුවෙනි. එම රෙසිනමය රසායනික ද්‍රව්‍ය ලෝක වෙළඳ පොලේ ඉතා ඉහල මිලකට අලෙවි වේ.

සංස්‌කෘත භාෂාවේ අයුරු ලෙස හැඳින්වෙන මෙම රසායනික ද්‍රව්‍ය, විවිධ සංස්‌කෘතීන් හා භාෂාවල විවිධ ආකාරයෙන් හඳුන්වනු ලැබේ. අතීතයේ සිටම මෙම ශාකය සමඟ මිනිසුන් නෑ සබඳතා පැවැත්වූ බවට මෙය කදිම සාක්‌ෂියකි. ලොව ඉපැරණි ම ග්‍රන්ථ අතරට ගැනෙන සංස්‌කෘතවේද ග්‍රන්ථ අතරද අයුරු පිළිබඳව සඳහන් කර ඇත. මෙම සුවඳට සමාන සිත් ඇදගන්නාසුළු වෙනත් ස්‌වභාවිකවම නිපදවන සුවඳක්‌ වර්ථමානය දක්‌වා සොයා ගැනීමට නොහැකිවීම මෙම Aට්‌රඅදදා සඳහා විශාල ඉල්ලුමට හේතුවී ඇත. ක්‍රිස්‌තු වර්ෂ 3 වන සියවසේදී චීන දේශාටකයන්ගේ වාර්තා වලට අනුව වර්තමාන වියට්‌නාම දූපත් වාසීන් මෙම රසායනික ද්‍රව්‍ය නිස්‌සාරණය කරන ලද බව සඳහන් කරයි. එසේම ආයුර්වේද ග්‍රන්ථයක්‌ වන සුශ්‍රෑත සංහිතාවේ හා ආදී මුස්‌ලිම්වරුන්ගේ වාර්තාවලද මෙම රසායන ද්‍රව්‍ය වල ඹෘෂධිය ගුණ පිළිබඳ සඳහන් කරයි. 13 වන සියවසේදී අරාබි ජාතිකයන් මෙම මිල අධික සුවඳවත් ද්‍රව්‍ය භාවිතා කළ බවට ඉස්‌ලාමීය දේශ ගවේෂක ඉබන් භතුතා සඳහන් කරයි. “A Thousand and one Night”ී ග්‍රන්තයේ සඳහන් පරිදි මෙම සුවඳවත් ද්‍රව්‍ය විශේෂ උත්සව අවස්‌ථා වලදී තම නිවෙස්‌ සුවඳවත් කිරීම සඳහා යොදාගෙන ඇත. සුඛෝපභෝගී ජීවන රටාවකට අනුගත වූ සමාජයේ ඉහළ පැළැන්තියේ පිරිසකගේ ජීවන තත්වය විදහා දක්‌වන නිෂ්පාදනයක්‌ ලෙස තවදුරටත් මෙය හුවා දක්‌වා ඇත. 

ඉන්දියාවේ මෙම රසායනික රෙසිනමය ඇදුම රෝගයට, බඩේ අමාරුව, අතීසාරය, ගලගන්ඩය, රූමැටික්‌, අංශභාගය, ලිංගික ශක්‌තිය වර්ධනය කිරීම, සමේ රෝග සුව කිරීම සඳහා යොදාගෙන ඇත. මෙම ශාකයේ කුඩා කැබලි තෙල් තුළ බහා ශරීරය සුවඳවත් කිරීමට යොදාගනී. විවිධ කැටයම් වර්ග තැනීමටද මෙම ශාකයේ ලී භාවිතා කරයි.

වර්තමානයේ ඉතා උසස්‌ තත්වයේ රෙසිනමය රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන රටවල් අතර තායිවානය, කාම්බොජය, වියට්‌නාමය වැනි රටවල් ප්‍රධානවේ. එම රටවල් නිෂ්පාදනය කරන මෙම රසායනික ද්‍රව්‍ය සඳහා ජපානය, කොරියාව, චිනය සහ යුරෝපීය රටවලත් හා මැදපෙරදිග රටවලත් ඉහල ඉල්ලුමක්‌ පවතී. විශේෂයෙන් අරාබි රටවල Aට්‌රඅදදා සඳහා විශේෂ ඉල්ලුමක්‌ පවතින්නේ එය මධ්‍යසාරයෙන් තොර නිෂ්පාදනයක්‌ වන බැවිනි.

වල්ලපට්‌ටා ශාකයේ වර්තමාන තත්වය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සොයා බැලීමේදී වල්ලපට්‌ටා ශාකය පළමුවරට ප්‍රචලිත වන්නේ පසුගිය අවු 4-5 තරම් මෑත කාලයේදීය. 2012 ජූලි 3 වන දින ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේදී රේගු නිළධාරීන් වෙනුවෙන් පවත්වන ලද පුහුණු වැඩමුළුවකදී ආචාර්ය එස්‌.එස්‌. ප්‍රනාන්දු විසින් මුල්වරට වල්ලපට්‌ටා ශාකය අපනයනය කිරීම සම්බන්ධයෙන් කරුණු දක්‌වා ඇත. වල්ලපට්‌ටා ශාකය පිළිබඳ සිදුකරන ලද මුල්ම වැටලීම වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් 2012 අගොස්‌තු මස 27 වන දින රත්නපුර, කළවාන ප්‍රදේශයේදී සිදු කර ඇති අතර එම වැටලීමේදී වල්ලපට්‌ටා ශාකයේ කොටස්‌ අත්තඩංගුවට ගෙන ඇත. මෙම නීති විරෝධී ශාක ජාවාරම කලක සිට සිදුව ඇති බව අනුමාන කළ හැකි සාක්‌ෂි මේ අනුව හෙළි දරව් වී ඇත. ශ්‍රී ලංකා රේගු අධිකාරියේ වාර්තා අනුව මෙම නීති විරෝධී ජාවාරම පුළුල් ජාලයක්‌ ලෙස රටපුරා විසිර ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු නැගෙනහිර ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු මාර්ග ඔස්‌සේ මෙම ජාවාරම සිදු කෙරෙන බවත් සොයාගෙන ඇත. වල්ලපට්‌ටා ශාකයට අමතරව සුදු හඳුන්, දිවි කදුරු ඇට, කබර හූනා, කිඹුල් හූනා සඳහා විශේෂ වෙළඳ පොළක්‌ මෙම ජාවාරම් කරුවන් විසින් ගොඩනගාගෙන ඇත. මෙම ජාවාරම තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක්‌ අහිමිවනවා පමණක්‌ නොව අපේ රටට ආවේනික ශාක හා සත්ත්ව ප්‍රජාවත්, ජානමය අයිතියත් එම ශාක හා සත්ව විශේෂ වෙනුවෙන් පේටන්ට්‌ බලපත්‍ර ලබා ගැනීමේ හැකියාවත් අපට අහිමි වනු ඇත. 

නීතිමය පියවර 

අධික ලෙස පරිසරයෙන් ඉවත්කිරීම මත තර්ජනයට ලක්‌වූ වල්ලපට්‌ටා ශාකය ක්‍ෂඔES හෙවත් තර්ජනයට ලක්‌වූ ශාක විශේෂ එකරටකින් තවත් රටකට ගෙනයාම තහනම් කිරීමේ සම්මුතියේ ^Convention on International Trade of Endangered wild Fauna and Flora-CITES)දෙවන උපලේඛනයට ඇතුලත් කර ඇත. 1995 දී ප්‍රථමයෙන්ම Aqමසක්‌රස්‌ ප්ක්‌ජජැබිසි විශේෂය මෙම සම්මුතියේ දෙවන උපලේඛනයට ඇතුලත් කෙරුණු අතර 2004 වසරේදී සියලුම අයුරු නිෂ්පාදනය කරන ශාක විශේෂ මෙයට ඇතුලත් කෙරුණි. අවදානයට ලක්‌වීමේ විභවතාවයක්‌ ඇති ශාක මෙම සම්මුතියට ඇතුලත් වන අතර එවැනි විශේෂ අන්තර්ජාතික වෙළඳාම, නියාමනය හා අධීක්‌ෂණය කිරීම සඳහා වෙනමම ආයතනයක්‌ ද පිහිටුවා ඇත. 

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින නීතිමය රාමුව තුළ වල්ලපට්‌ටා ශාකය ආරක්‌ෂිත ශාකයක්‌ ලෙස නම් කර නැත. නමුත් වන සංරක්‌ෂන ආඥා පනතේ පවතින විධිවිධාන යටතේ වනාන්තර තුළින් මෙම ශාකය හෝ වන ද්‍රව්‍ය උකහා ගැනීමේදී නීත්‍යානුකූලව කටයුතු කළ හැක. ඒ අනුව සංරක්‌ෂිත වනාන්තරවලට අදාළව, 2009 අංක 65 දරණ සංශෝධිත වන සංරක්‌ෂණ ආඥා පනත යටතේ 6 (අ), (ඇ) වගන්ති අනුවද, රක්‌ෂිත වනාන්තර සඳහා 1979/12/26 දිනැති අංක 68/14 ගැසට්‌ පත්‍රයේ 1979 අංක 01 දරණ නියෝග මාලාව අනුවද සංරක්‌ෂිත, රක්‌ෂිත කැලෑ හෝ ගම්බද කැලෑවලට ඇතුලත් නොවන වෙනත් කැලෑවලට ඉහත කී ගැසට්‌ පත්‍රයේ 1979 අංක 01 දරණ වන රීති මාලාව අනුවද, වලංගු අවසර පත්‍රයක්‌ නොමැතිව ශාක හෝ වනජ ද්‍රව්‍ය එකතු කිරීම, ඉවත් කිරීම හෝ හානි කිරීම කළ නොහැක.

එසේම පුද්ගලික ඉඩමකින් ශාක කොටස්‌ ලබාගත්තද ලංකාව තුළ ප්‍රවාහනය කිරීම සඳහා වන සංරක්‌ෂණ ආඥා පනතේ 24(1) වගන්තිය අනුව ප්‍රකාශිත 2008/05/09 දිනැති අංක 1548/29 හා 2012/06/11 දිනැති අංක 1762/1 දරණ ගැසට්‌ පත්‍රවල නියෝග අනුව කටයුතු කළ යුතු වේ. 

අනවසර දැව සන්තකයේ, පාලනයේ හෝ භාරයේ තබාගැනීම සම්බන්ධයෙන්ද නීත්‍යානුකූලව පියවර ගත හැක. ඒ පිළිබඳව වන සංරක්‌ෂණ ආඥා පනතේ 36(1) වගන්තිය යටතේ ප්‍රකාශිත 1995/07/13 දිනැති අංක 879/7 හා 1997/04/18 දිනැති අංක 971/4 දරණ ගැසට්‌ පත්‍රවල සඳහන් නියෝග බල පැවැත්වේ. 

දැව, කැලෑවල බීජ හා වෙනත් වන නිෂ්පාදන අපනයනයJය කිරීම වලංගු අවසර පත්‍රයක්‌ නොමැතිව කළ නොහැකි අතර ඒ සම්බන්ධයෙන් වන සංරක්‌ෂණ ආඥා පනතේ 24(1) වගන්තිය ප්‍රකාරව 2000/12/05 දිනැති අංක 1161/6 දරණ දරණ ගැසට්‌ පත්‍රයේ සඳහන් නියෝග බල පැවැත්වේ. මෙයට අමතරව අපනයනය සඳහා ක්‍ෂඔES සම්මුතිය යටතේ පිහිටුවා ඇති ආයතනය මගින්ද අධීක්‌ෂණය කෙරේ.

වනසත්ව හා වෘක්‌ෂලතා ආඥා පනතේ 45 වගන්තියේ නියෝග අනුව මෙම ශාකය අපනයන කිරීම වගා කිරීම තහනම් කිරීමට හෝ විධිමත් කිරීමටත්, ඉවත් කිරීමට, ශාක ආරක්‌ෂා කිරීමට, සංරක්‌ෂණයට නියෝග පැනවිය හැක. අංක 22 දරන වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක (සංශෝධන) පනත අනුව 45 වගන්තිය (ආ) ෙ-දයට පසු මෙම වගන්ති ඇතුලත් කර ඇත. ශාකයක්‌ අපනයනයට පරීක්‌ෂා කිරීම සඳහා කාර්ය පටිපාටියක්‌ නියම කරම හා අදාල බලධාරියා විසින් එය පරීක්‌ෂා කිරීමත්, එය පරීක්‌ෂා කිරීමෙන් පසු අදාල කාර්ය පටිපාටිය අනුව එය මුද්‍රd තැබීම, අවසර ලත් ලේඛන රහිත ශාක අපනයනය තහනම් කිරීම, සන්තකයේ තබා ගැනීම තහනම් කිරීම, ශාක කොටසක්‌ අපනයනය කිරීම තහනම් කිරීම හෝ පාලනයට නීති පැනවිය හැක.තවදුරටත් වන සත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ 47 වගන්ති අනුව මෙම ශාකය පිළිබඳව කැලෑ ආඥා පනතේ නියෝග, දිය බෙරලි ආඥා පනතේ විධිවිධාන, තේ පාලන පනතේ විධිවිධාන, රබර් පාලන පනතේ විධිවිධාන වලට යටත්ව ක්‍රියාත්මක විය යුතුය. ක්‍ෂඔES හෙවත් තර්ජනයට ලක්‌වූ ශාක විශේෂ එකරටකින් තවත් රටකය ගෙනයාම තහනම් කිරීමේ සම්මුතියේ (ඤබඩැබඑසදබ දබ ෂබඑeරබ්එසදබ්ක ඔර්de දෙ Eබාaබටැරුd අසකා Faමබ් aබා Fකදර්-ක්‍ෂඔES) නියමු ස්‌ථානය ලෙස වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන බැවින් මෙම ශාක හෝ ශාක කොටස්‌ අපනයනය කිරීම සඳහා වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද අපනයනයට අදාල අනෙක්‌ රටේ අනුමැතියද අවශ්‍ය වේ. ජෛව විවිධත්ව සංරක්‌ෂණ සම්මුතියට අනුව වල්ලපට්‌ටා ශාකය ස්‌ථානීය (සබ-sසඑම) හා පරිබාහිර (eංsසඑම) සංරක්‌ෂණය සඳහා මඟපාදා ඇත.

වල්ලපට්‌ටා ශාකය අවදානම් (ඪමකමැරඉකැ) විශේෂයක්‌ ලෙස 2012 දී රතු දත්ත වාර්තාවට ද ඇතුලත් කර ඇත.

වල්ලපට්‌ටා ශාකය පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ

මෙම ශාකයේ කඳට ස්‌වභාවිකව ආසාධනය වන දිලීර කෘතීමව ගසට ලබාදීමෙන් ඉක්‌මනින් ආර්ථික වාසි අත්කර ගත හැක. මෙම දිලීරය විද්‍යාගාර තුළ වෙනමම නිෂ්පාදනය කර Aqමසක්‌රස්‌ ගණයට අයත් ශාක සඳහා එන්නත් කිරීම මගින් අයුරු නිෂ්පාදනය කිරීම පිළිබඳව වෙනත් රටවල් පර්යේෂණ පවත්වා ඇත. ඇමරිකා එක්‌සත් ජනපදයේ මිනසෝටා විශ්වවිද්‍යාලයේ මේ සම්බන්ධයෙන් පර්යේෂණ විශාල ප්‍රමාණයක්‌ සිදු කර ඇත. ලොකයේ බොහෝ රටවල් මෙම කෘතීමව දිලීර ආසාධනය මඟින් ශාකයෙන් විපුල ප්‍රයෝජන ලබාගත්තද අප රට තුළ මේ සම්බන්ධයෙන් තවමත් පර්යේෂණ මට්‌ටමේ පවතී. ප්‍රමාණවත් රෝපණ ද්‍රව්‍ය (බීජ, පටක රෝපණය) ලබා ගැනීම, රෝපණ මාධ්‍ය, නිස්‌සාරණ ක්‍රමවේද පිළිබඳව කර ඇති පර්යේෂණ ප්‍රමාණය ඉතා සීමිත වේ. 

වල්ලපට්‌ටා ශාකය සංරක්‌ෂණය සඳහා ගත හැකි ක්‍රියා මාර්ග

පවත්නා නීතිමය රාමුව ශක්‌තිමත් කිරීම, ස්‌වභාවික වනාන්තර තුළ එය ආරක්‌ෂා කරන අතරම වාණිජ භෝගයක්‌ ලෙස ප්‍රවර්ධනය කිරීම (ස්‌ථානීය (සබ-sසඑම) හා පරිබාහිර (eංsසඑම) සංරක්‌ෂණය) සඳහා නීති සැකසීම, නිස්‌සාරණ ක්‍රමවේදයන් හඳුනා ගැනීම සඳහා පර්යේෂණ ක්‌ෂේත්‍ර දිරි ගැන්වීම, වනජ ද්‍රව්‍යක්‌ ලෙස වනයෙන් උකහා ගැනීම සහ අපනයනය තහනම් කිරීම, නීත්‍යානුකූල නොවන වෙළඳාම තහනම් කිරීමට පියවර ගැනීම, සීමාව ඉක්‌මවා සිදු කෙරෙන ඉවත් කිරීම් නවතා තිරසාර පරිභෝජනය සඳහා ඉඩ කඩ සැලසීම, ලශ්‍රී ලංකන් අගාල සඳහා පේටන් බලපත්‍ර ලබා ගැනීම, නිෂ්පාදනයේ එකතු කළ වටිනාකම ගණනය තුළින් වල්ලපට්‌ටා ශාකය ආරක්‌ෂා කිරීම සඳහා පියවර ගත හැක. 

වල්ලපට්‌ටා ශාකය අප රටින් ඉවත්ව යාමට පෙර සංරක්‌ෂණය තුළින් නිවැරදි භාවිතයට අවශ්‍ය මඟ පෑදීම ඔබේත් මගේත් අනාගත වගකීම වනු ඇත. 

(විශේෂ ස්‌තූතිය - ඩබ්.ඒ.සී. වේරගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්‌ෂක (වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව), ලුම්බිනී කිරිඇල්ල මිය, නීති නිලධාරී (පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය), චමනි කුමාරසිංහ මිය, පරිසර කළමනාකරන නිළධාරී (පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය)

ඉතිරි කොටස ලබන සතියේ

සේපාලි ද සිල්වා

පරිසර කලමණාකරන නිලධාරීනී
ස්‌වභාවික සම්පත් කලමණාකරන අංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යාංශය

Post a Comment

0 Comments