Slim වෙන්න ඕනා නම් බතල කන්න.

බතල කියන්නේ හරිම රසවත් අල වර්ගයක්. තරමක් තරබාරු අයටත් අපි බතල කියන නම කිව්වට බතල තරබාරුකම මට්ටු කරන්නට සුදුසුම ආහාරයක් කිව්වොත් සමහර විට ඔබ පුදුම වෙන්නත් පුළුවන්.

බතල කියන ආහාරයේ ඔබ නොදන්නා ගුණ ගැන කියා දෙන්නයි මේ සූදානම. රසවත් හා ගුණවත් බවකෙඳි බහුලව හා කැලරි අඩුවෙන් අඩංගු ආහාරයක් වන බතල හරිම රසවත්. ජලයත් අධිකව මෙහි අඩංගු වන නිසා බතල කියන්නේ බර අඩු කර ගැනීමට නම් සුදුසුම ආහාරයකි.බතල ස්වභාවයෙන්ම රසවත් නිසා ලුණු ස්වල්පයක් එක් කරගෙන වුවත් ඔබට ඕනෑම වෙලාවක මෙය රසවිඳින්නට පුළුවන්.

කෙඳි බහුල ආහාරයක්

බතල කියන්නේ කෙඳි බහුලවම අඩංගු වන ආහාරයක්. ඔබ බර පාලනය කර ගන්න උනන්දු වනවා නම් මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න.

මෙවැනි ආහාර නිසා ඔබට නිතර නිතර බඩගින්න ඇති නොවෙයි. කෙඳි සහිත බව නිසා ආහාර දිරවීමේ ක්‍රියාවලිය දීර්ඝ කරන නිසා ආහාර වැඩිපුර ගැනීම මින් වැළකෙයි. අධික කැලරි ප්‍රමාණයක් ගැනීම පාලනයද මින් සිදු වෙයි.

අඩු කැලරි ප්‍රමාණයක්

බතලවල කැලරි අන්තර්ගත වන්නේ අඩු ප්‍රමාණයකිනි. මේ නිසා ඔබේ සිරුරේ බර අඩු කර ගන්න නම් මෙයත් කදිම ආහාරයක්. බතලවල කැලරි අඩංගු වන්නේ 90ත් 100ත් අතර ප්‍රමාණයකි.

නමුත් අර්තාපල්වල මෙම අගය 300ත් 400ත් අතර පවතියි. මේ නිසා කැලරි අධිකව ගැනීමත් මින් පාලනය කරවයි.

රුධිරගත සීනි මට්ටම පාලනය

බතලවල කාබෝහයිඩ්රේට් අඩංගු වුවත් කැරටනොයිඩ් අන්තර්ගත වන නිසා රුධිරගත සීනි මට්ටම අඩු කර ගැනීමට එය උපකාරී වෙයි. ආහාර ගැනීමෙන් පසු රුධිරගත සීනි මට්ටම ඉහළ යාම මින් පාලනය කරවයි.

ජලය අඩංගුයි

බතලවල ජලය අධිකව අන්තර්ගත වීම නිසා ආහාර වැඩිපුර ගැනීමද මින් පාලනය වෙයි. ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වයට ජලය අත්‍යවශ්‍යම සාධකයක් වන අතරම සිරුරේ තරබාරුකම පාලනයටත් සුදුසුම ආහාරයකි.

negombonews

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us