වාස්‌තු ශිල්පීය ක්‍රමවේදයන්ට අනුව ඔබගේ ඉඩමේ ජල බැස්‌ම සහ වහළයේ ජල බැස්‌ම නිසි පරිදි තීරණය කිරීම ඉතාමත් වැදගත් කාරණයක් ලෙස පෙන්වා දිය හැකියි. වාස්‌තු ශිල්පීය ක්‍රමවේදයන්ට අනුව ආපෝධාතුවේ ප්‍රබල බලපෑම ගෘහයට නිතැතින්ම ලැබෙන බව කිව යුතුයි. විශේෂයෙන්ම ස්‌වභාවික පාරිසරික පද්ධතීන්ගේ සමබරතාවය රැක ගැනීම සඳහා නිසි ලෙස ජලධාතුවේ ගමන් මග තීරණය කිරීම වැදගත් වාස්‌තු මූලධර්මයක් වන අතර ප්‍රායෝගිකව ද එය ප්‍රබලව අපට බලපානු ලබන තත්වයකි. විශේෂයෙන් නූතනයේ ස්‌වභාවික විපත්වල සීග්‍ර වර්ධනයක් දක්‌නට ලැබෙනවා. ඊට මූලිකවම බලපානු ලබන්නේ, මානව ක්‍රියාකාරකම් බව පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. ස්‌වභාවික පරිසර පද්ධතිය තුළ ජල බැස්‌ම විධිමත් රටාවකට අනුව සිදුවන අතර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් එම රටාවන් වෙනස් වී ස්‌වභාවික උපද්‍රව බහුල වීම සිදු වී තිබෙනවා. විශේෂයෙන් නිවාස ඉදිකිරීමේ දී භූමියේ සහ ගෘහයේ ජල බැස්‌ම විධිමත් ලෙස සකස් කර ගැනීමට අවශ්‍ය මූලික සිද්ධාන්ත රාශියක් වාස්‌තු ශිල්පය තුල පෙන්වා දී තිබෙනවා. මෙම ශිල්පීය ක්‍රම යොදා ගැනීම තුළින් ඔබගේ ගෘහයේ ආපෝ ධාතුවේ සිදුවන දෝෂ මගහරවා ගෙන වාසනාවන්ත ගෘහයක ජීවත් වීමේ වාසනාව උදාකර ගත හැකි වෙනවා. විශේෂයෙන් නිසි ලෙස ජල බැස්‌ම සකස් නොකළ විට ගෘහ වාසීන්ට දැනෙන වාස්‌තු බලපෑම් එල්ල වන බවද කිව යුතුයි. මෙහිදී නිවසේ ජීව කාලය වෙනස්‌වීම, ලෙඩ දුක් බහුල වීම, මූල්‍ය විනාශය මෙන්ම දේපල හානි සහ පරම්පරාව යාවත්කාලීන නොවීම මෙන්ම කීර්ති නාමයට හානි වීම ආදී බලපෑම් ප්‍රබල කිරීමට ගෘහයේ සහ භූමියේ ජල බැස්‌මේ සිදුවන දෝෂයක් නිසා සිදුවිය හැකි අයහපත් ප්‍රතිඵල ලෙස පෙන්වා දිය හැකිය. වාස්‌තු දෝෂයන්ට මෙන්ම ප්‍රායෝගිකව ඔබගේ නිවස සහ භූමිය රැක ගැනීමට උපකාර වන ජල බැස්‌මේ වාස්‌තු සිද්ධාන්තයන් පිළිබඳව ඔබ වඩාත් උනන්දු විය යුතුයි.
ඉඩමේ බෑවුම සහ හැඩය අනුව ජල බැස්‌මේ රටාව සහ දිශාව තීරණය කිරීම සිදුකළ හැකියි. එහිදී ඔබත් ඉඩමේ පිහිටීම පරිදි ජල බැස්‌ම තීරණය කිරීම සිදු කළ යුතු වෙනවා. මෙහිදී ස්‌වභාවික තත්වයන් අනුව දැනටමත් ඉඩමේ ජල බැස්‌මේ රටාවන් නිර්මාණය වී ඇත්තේ, එයට හානි නොවන ලෙස කටයුතු සිදුකළ යුතුයි. උදාහරණයක් ලෙස උතුරු සිට දකුණට බෑවුම් සහිත ඉඩමක ජල බැස්‌ම නිතැතින්ම තිබීම දකුණු දිශාවට සිදුවීම ස්‌වභාවික තFවයක්. එහිදී එම බෑවුම වෙනස් කිරීම කිසිසේත් කළ නොහැකි දෙයක් මෙහිදී ඔබ කළ යුතු වන්නේ, ඔබගේ ගෘහයේ ජල බැස්‌මේ රටාව වාස්‌තු සිද්ධාන්ත වලට ගැලපෙන ලෙස ස්‌වභාවික රටාවට එක් කිරීමයි. එනම්, උතුරේ සිට දකුණට බෑවුම් වන ඔබගේ ඉඩමේ ජල බැස්‌ම හැකිතාක් ගිණිකොණ මුල්ලට හැරවීමට වගබලා ගත යුතුයි. නිරිත මුල්ලට වතුර එකතු නොකරීමට වගබලා ගත යුතුයි. ඒ අනුව ඔබගේ ඉඩමේ බෑවුම අනුව පහත පරිදි ඉඩමේ ජලය බැස්‌විය යුතු දිශා කෝණය හැකිතාක් සකස්‌කර ගැනීමට උනන්දු වන්න.
ඉඩමේ බෑවුම ජල බැස්‌මේ කෝණය
උතුරේ සිට දකූණට - ගිණිකොණ
දකුණේ සිට උතුරට - වයඹ
නැගෙනහිර සිට බටහිරට - වයඹ
බටහිර සිට නැගෙනහිරට - ගිණිකොණ
ඉහත සිද්ධාන්තයන්ට අනුකූලව ඔබගේ ඉඩමේ ජල බැස්‌ම පවත්වා ගැනීමට උනන්දු වන්න. සමහර ඉඩම්වල බෑවුම දිශා කිහිපයකට තිබෙන්නට පුළුවන්. එවිට ඔබට කළ හැක්‌කේ හැකිතාක් නිරිත දිශාවට ජලබැස්‌ම නොතබා වෙනත් ඕනෑම දිශාවට ජල බැස්‌ම පවත්වා ගැනීමයි. මෙම සිද්ධාන්තය ඔබ දැඩිව අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ප්‍රායෝගික තFවය තුළ ඔබගේ ඉඩම් වතුර බැස්‌ම කුමන දිශාවට තිබුණ ද කිසිම විටක නිරිත දිශාවට වතුර බැස්‌ම නොතැබීමට වග බලා ගත යුතුයි. ප්‍රධාන දිශාවන් වන උතුරු, දකූණ, නැගෙනහිර හා බටහිර දිශාවන්ට වතුර බැස්‌ම කිසිම විටක දෝෂ සහගත නොවන බවද පෙන්වා දෙමි.
ඉඩමේ ජල බැස්‌ම අප හැකිතාක් නිවැරදි කර ගැනීමට උත්සාහ කළ යුතු අතර ප්‍රායෝගිකව අපට සීමා ඇති බැවින් එම ප්‍රායෝගික සීමා වල පවතින දෝෂ ඉවත් කර ගැනීම සඳහා ගෘහයේ ජල බැස්‌ම සකස් කර ගැනීම තුළින් හැකියාව ලැබෙනවා. මෙහිදී ගෘහයේ වහළයේ ජල බැස්‌ම ඉතාමත් වැදගත් බව පෙන්වා දෙමි. ඔබගේ ගෘහයේ වහළයේ ජල බැස්‌ම නිසියාකාරයෙන් පවත්වා ගතහොත් ඉඩමේ පවතින දෝෂ පවා මගහරවා ගත හැකි වේ. වහළයේ වතුර බැස්‌ම තැබීම සඳහා සෑම විටම එම ගෘහයේ මුදුන් යට ලීය යොදා ඇති දිශාව අනුව තීරණය කිරීම සිදු කරනු ලබයි. ඔබගේ ගෘහයේ මුදුන් යටලීය විහිදී ඇති දිශා දෙක අනුව ඔබගේ වහළයේ ජල බැස්‌ම පවත්වා ගත යුතු පිළිවෙල පහත දක්‌වා තිබේ.
මුදුන් යට ලීය ජල බැස්‌මේ දිශාව
උතුරු දකූණට - උතුරට
නැගෙනහිර බටහිර - නැගෙනහිරට
නිරිත ඊශාන - ඊශානට
වයඹ ගිණිකොණ - වයඹට
ඉහත වාස්‌තු ශීල්පීය ක්‍රමය උපයෝගී කොටගෙන ගෘහයේ වහළයේ වතුර බැස්‌ම තීරණය කරන්න. ඔබගේ වහළය දෙපල වහළක් නම්, ඉහත සිද්ධාන්තයන් නිසියාකාරයෙන් අනුගමනය කළ හැකි වුවද පල දෙකකට වඩා වැඩි වූ විට ජල බැස්‌ම තැබිය යුතු පිළිවෙල පිළිබඳව ගැටලු සහගත තFවයක් මතුවිය හැකියි. එහිදී ඔබ විසින් සෑම විට මුදුන් වහළයේ ජල බැස්‌ම පෙන්වා දී ඇති ආකාරයට සකස් කර ගත යුතු අතර අනෙකුත් පල වල වතුර ද එම පලයන්ගේ දිශා බෑවුම අනුව තීරණය කළ යුතුවේ. මෙහිදී ඔබ විසින් කිසිම විටක නිරිත දිශාවට ජල බැස්‌මක් වහළයේ නොතැබීමට වගබලා ගත යුතුයි.
ඔබගේ වහළයේ වතුර බැස්‌ම පවත්වා ගැනීමේ දී විශාල දෝෂයක් මතුවන අවස්‌ථාවක් ලෙස නිවසේ පල දෙකක වතුර එකට එකතු වීම සහ නිවස මැදට වතුර එකතු වීම පෙන්වා දිය හැකියි. මෙවැනි තFවයක් ඉතාමත් භායානක ප්‍රතිඵල ගෙන දෙන වාස්‌තු දෝෂයක් බවට පත්වන බව නොකියාම බැරිය. ඔබගේ වහළයේ පල දෙකක වතුර කිසිම වටක එකට එකතු වීමට ඉඩ නොදිය යුතු අතර නිවස මැදට ජලය එක් වී ගලාගෙන යාමට මෙවැනි ලක්‍ෂණයන් දැනටමත් ඇත්නම් ඔ බඑය ඉතා ඉක්‌මනින් නිවැරදි කර ගැනීමට සිතිය යුතුයි.
පල දෙකක ජලය එකට එකතු වීමට ඉඩ නොදී පිහිලි යොදා එම ජලය වෙන වෙනම විරුද්ධ දිශාවන්ට බැස්‌සවීම කළ යුතුයි. එවිට ඔබගේ වහළයේ ජල බැස්‌ම දෝෂ රහිත වේ. වහළයේ ජල බැස්‌ම නිසියාකාරයෙන් පවත්වා ගැනීමෙන් ඔබගේ නිවසට විශ්ව ශක්‌තිය කාන්දු වීම ඉතා බලවත් වීම තුල නිවසේ පිහිටි ශක්‌තීන් ප්‍රබල වී වාසානාව උදා වනු ඇත.
මීළඟට ජල බැස්‌ම සම්බන්ධයෙන් ඔබගේ නිවස දෝෂ තFවයන්ට ලක්‌වන අවස්‌ථාවක් ලෙස නිවස මැදින් අප ජල බට යෙදීම, මෙන්ම වැසි ජල බට යෙදීම පෙන්වා දිය හැකිය. ඔබ කිසිම විටක නිවසේ බ්‍රහ්ම පාදය හසුවන ලෙස වැසිජල බට සහ අප ජල බට දැමීම නොකළ යුතුයි. එසේම මංගල ද්වාරය හසුවන ලෙසද අභ්‍යන්තර බට දැමීම නොකළ යුතු වේ. ඔබගේ නිවසේ මූල්‍ය ශක්‌තිය හීන වීමට මෙය දැඩි ලෙස බලපාන බව කිව යුතුයි. එසේම ඔබගේ නිවසේ මැඳ මිදුල් යොදා තිබේ නම් වැසි ජලය නිවස මැදට එකතු වීමට නිතර නිරන්තරයෙන් සිදුවනු ලැබේ. මෙය දෝෂ සහගත තFවයකි. විශේෂයෙන් මහනුවර යුගයේ තනි මැඳ මිදුල සහිත නිවාස ඉතාමත් අසාර්ථක බව කිව යුතුයි. වාස්‌තුවට අනුව අනුරාධපුර යුගයේ බ්‍රහ්ම පාදය හසු නොවන ලෙස නිවාස හා ප්‍රාසාද සඳහා මැඳ මිදුල් දෙකක් හෝ හතරක් යොදා තිබුණේ මෙම දෝෂය ඉවත් කරගැනීම සඳහායි. ඔබගේ වහළයේ වතුර නිවස මැදට එකතු වන්නේ නම්, නිරිත දිශාව හැර වෙනත් ඕනෑම දිශාවකින් එම ජලය පිට කිරීම සඳහා බට යොදා ගැනීම කල හැකි අතර ප්‍රධාන උළුවස්‌ස ඇති බිත්තියෙන් එළියට බට යෙදීම නොකිරීමට ද වග බලා ගත යුතුයි.
ඔබගේ ඉඩමේ හා නිවසේ ශක්‌තීන් නිසි ලෙස රඳවා ගැනීම සඳහා ඉඩමේ සහ ගෘහයේ ජල බැස්‌ම නිසි ආකාරයට පවත්වා ගැනීමට උනන්දු වන්න. සෑම විටම ස්‌වභාවික ජල රටාවන්ට අනුකූලව ජල බැස්‌ම යෙදීමට උනන්දු විය යුතුයි. වැසි ජලය නිසි දිශාවෙන් බැස යැම තුල ඔබගේ ගෘහයේ සහ ඉඩමේ ජීව ගුණය නිසි ලෙස රැකෙනු ඇත. එබැවින් ඉපැරණි Rෂි උතුමන් විසින් අපහට කියා දී ඇති වාස්‌තු ශිල්පීය උපක්‍රම නිසි ලෙස අවබෝධ කරගෙන ඒවායේ පිහිට ලබා ගැනීමට ඔබ සෑම විටම උනන්දු වන්න. ඔබගේ ඉඩමේ ජල බැස්‌මේ දෝෂයක් ඇත්නම් එම දෝෂය අවම කිරීම සඳහා ගෘහයේ වහලයේ ජල බැස්‌ම නිසියාකාරයෙන් පවත්වා ගැනීම තුළින් හැකියාව ලැබෙනු ඇත. ඒ සඳහා ඔබට අවැසි වාස්‌තු ශිල්ප ඥානය ලබා දීමට මා ගත් උත්සහයෙන් ඔබ ප්‍රයෝජන ගනු ඇතැයි සිතමි.
පේරාදෙණියේ ඩී. යූ. සෙනරත්
උපුටා ගැනීම : දිවයින පුවත්පත